ඉදුරාන ඇල්ල පළාත - සබරගමු පළාත දිස්ත්රික්කය - කෑගල්ල දිස්ත්රික්කය ප්රාදේශිය ලේකම් කොට්ඨාශය - රුවන්වැල්ල ගමන් මග 1) කොළඹ - කඩුවෙල - අවිස්සාවේල්ල - රුවන්වැල්ල ඔස්සේ 2) කොළඹ - වැලිවේරිය - වහරක - රුවන්වැල්ල ඔස්සේ පැය එකහමාරක පමණ ගමනිකින් මෙහි ළගා විය හැකිය. තුරු ගොමුවලින් වැසීගත් නිහඩ බිමෙහි ගලන මේ ජල බිදු අපට කියා දෙන පාඩම් නම් බොහෝමයකි. ඉදුරාම ඇය තවත් මේ ලක් මව් සරසන දිය ඇලි කුමරියකි. දිය ඇලි රැජිණියන් අතරේ ඇය සුකොමලව පියවර මනින “ ඉදුරාන දිය ඇලි කුමරිය ” අහිංසක කුමරියක් යැයි මට සිතෙයි. වන අරණ අතර ඈ නිහඩවම සක්මන් කරන්නේ තනිකමට ගස් කොළ සතා සිව්පාවුන් මෙන්ම කුරුඵ කොබෙයියන්ගේ ද ආදර බර වදන්වලට සවන් දෙමිනි. මිහිකත හමුවේ සරතැස නිවන්නට ඉසව් සොයා යන ගමනේ දී ඇය අප විඩා නිවන්නට සමත් වූවාය. කිසිදු කලෙක කිසිවෙකුටත් නොදෙවැනි හැඩි දැඩි තම ස්වාමියාගේ සරතැස නිවන සෙනෙහෙබර බිරියක මෙන් ඇය ගල් කුළ වසා ගනිමින් තම සෙනෙහස පතුරවන සෙයකි. ඇගේ ඒ සෙනෙහස අන් අයට දෙනු නොකැමති හෙයින්දෝ මේ ගල් කුළ ඉතා රළු ලෙසින් නැගී සිටින්නේය. විඩාපත්වන නිසාවෙන් දෝ ඇය ඇතැම් තැනක දී සුසිනිදු සුදෝ