Skip to main content

Posts

Showing posts with the label නුවර වරුණ

ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය

ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයට පිවිසෙන දුම්රිය මගෙහි අවසන් නවාතැන්පොළ නම් ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයයි. කිලෝමිටර 296 ක දුර ගෙවා උතුර සහ දකුණ යා කරන මාවතේ නැගෙනහිර ඉම වෙත දුම්රිය ළගා වන්නේ තෙත් හා වියළි කලාපයේ එකිනෙකින් වෙනස් වූ භූ කලාප පසුකරමිනි. මුහුදු මට්ටමේ සිට මීටර 1.83 ක පමණ උසකින් පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානය, ලංකාවේ අඩුම උසකින් පිහිටා ඇති දුම්රිය ස්ථානයක් ලෙ සින් ද සැලකෙයි. 1927 වර්ෂයේ දී ආරම්භ කරන ලද ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයේ   පොල්ගහවෙල, මාහෝ, ගල්ඔය යන දුම්රිය ස්ථානවලින් ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගය වෙන් වෙයි. ගල්ඔය සිට නැගෙනහිරට ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගයේ අග්බෝපුර, කන්තලේ, ගල්තලාව, තම්පලකාමම්, චීන වරාය පසුකරමින් දුම්රිය ත්‍රිකුණාමලයට ළගා විය යුතුය. ගල් ඔයෙන් වමට හැරී ගමන් ගන්නා දුම්රිය මඩකලපුව වෙත ළගා වෙයි. තවමත් ඉපැරණි ගොඩනැගිලිවලින් සමන්විත වුවද නවීකර ණයට ලක් වූ දුම්රිය ස්ථානය පිබිදෙන නැගෙනහිර නවෝදයට සාක්ෂියකි. දශක ගණනාවක්   පුරා පැවැති යුදමය වාතාවරණය හේතුවෙන් ත්‍රිකුණාමලය දක්වා දිවෙන දුම්රිය ගමන් ඇතැම්...

ටෝකියෝ මිට්ෂුයි සිමෙන්ති කම්හල

ටෝකියෝ මිට්ෂුයි සිමෙන්ති කම්හල ටෝකියො සිමෙන්ති සමාගම, ජපානයේ බහු ජාතික සමාගමක් සහ ශ්‍රී ලාංකීය සමාගමක් අතර ඇති වූ ගිවිසුමක ප්‍රතිඵලයක් ලෙසින් 1982 වසරේ දී ආරම්භ කරන ලද අතර එය මෙරට ඉදි කෙරුණු පෞද්ගලික අංශයට අයත් වූ ප්‍රථම සිමෙන්ති කම්හල ලෙසින් හැ ඳ ින්වෙයි. ත්‍රිකුණාමල වරායට සමීපයේ ඉදිකරන ලද නවීන අංගෝපාංගවලින් සමන්විත වූ මෙම කර්මාන්තශාලාව මගින් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් කිරීමට සමත් විය. ත්‍රිකුණාමල වරායේ සිදුකරන ලද නවීකරණ කටයුතුවලින් පසුව මෙම කර්මාන්තශාලාවේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට ලැබී ඇති පිටිවහල අතිමහත්ය. ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමීතීන්වලට අනුකූලව, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අවශ්‍යතාවයන් ට සරිලන පිරිදි සිමෙන්ති නිෂ්පාදනය හා බෙදාහැරීම සදහා ටෝකියෝ සිමෙන්ති සමාගම කැපවී සිටින බව   කිව යුතුය. යුදමය වාතාවරණය තුළ දී බෙහෙවින්ම අභියෝගාත්මක නිෂ්පාදන කාර්යයක නිරත වූ නමුදු අද වන විට සමාගම නැවතත් තම සුපුරුදු කටයුතුවල නිරත වෙමින් සිටියි. බිලියන 14 ක වත්කමින් යුත් 600 පමණ වන කාර්ය මණ්ඩලයකින් යුක්ත   වන ටෝකියෝ සිමෙන්ති මෙරට විශාලතම හා වටිනාකමින් යුතු සන්නාම නාමයන් අත...

පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය

පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය පළාත - මධ්‍යම දිස්ත්‍රික්කය - මහනුවර ගමන් මග - කොළඹ නුවර මාර්ගයේ කිලෝමීටර 110ක පමණ දුරකින් පිහිටා ඇති පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය සුවිශේෂත්වය -   ශාක වල නිවැරදි උද්භිද විද්‍යාත්මක නාමය නිල වශයෙන් හදුන්වා දීමේ වගකීම දරනු ලබන ශ්‍රී ලංකාවේ ඇති එකම ප්‍රධාන රාජ්‍ය ආයතනයයි. පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය දෙස් විදෙස් නරඹන්නන්ගේ පාරාදීසයක් මෙන්ම නෙත් සිත් පැහැර ගන්නා ශාක ලොව තුරු විසිතුරු සොයායන මල් හා තුරු ලොවට පෙම් බදින්නන්ගේ පාරාදීසයක්ද වන‍්නේය. ජාතික ශාකාගාරය තුරු ලොව ගවේෂණය කරන්නන්ට දැනුම බෙදා හරින කෞතුක පුස්තකාලයක් ලෙසින් එය හැදින්විය හැකිය. පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ප්‍රධාන පිවිසුම් දොරටුවෙන් ඇතුළුවී දකුණු පසින් ඇති ඔසු ඔයන,ජපන් උද්‍යානය සහ පාම් තුරු වලින් පිරි මාවත පසුකර ඉදිරියට යන අපට උද්‍යානයේ බටහිර පෙදෙසේ ඇති සුදුපිරියම් කරන ලද දෙමහල් ගොඩනැගිල්ලකි. බ්‍රිතාන්‍ය සමයේදී ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ලෙහි වර්තමානයේ ජාතික ශාකාගාරය ( National Herbarium ) පිහිටුවා ඇත. ලංකාවේ නන් දෙසින් එක් රැස්කරගත් ශාක වල මුල්, පොතු, කො...

සීගිරි මතක රැස් කළ සෙවණ

සීගිරි මතක රැස් කළ සෙවණ පළාත - මධ්‍යම දිස්ත්‍රික්කය   - මාතලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය - දඹුල්ල ගමන් මාර්ගය -     කොළඹ - මහනුවර- මාතලේ - දඹුල්ල - සීගිරිය පුරා විද්‍යා භූමිය ජාතියක් සතු ප්‍රෞඪ අතීතයේ අභිමානය වත්මන් පරපුරට කියා‍ දෙන්නටත් අනාගත පරපුරට උරුම කර දෙන්නටත් සැකසුණු අපූර්ව ගෘහයකි. එහි සීගිරි කසුප් ස්වර්ණමය යුගය පිළිබදව “අ” යනු “ආ” යනු අකුරු කරන්නට ඇති තරම් සාක්ෂි අපට දැක ගත හැකි වන්නේය. ලෝක උරුම නගරයක් ලෙසින් ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත්වූ සීගිරියට පිහිටුවන ලද “සීගිරිය කෞතුකාගාරය” අතීත ලාංකේය ශ්‍රී විභූතිය ලාංකේය මතු පරපුරට මෙන්ම ‍විදෙස් රටවලටද විදහා පාන තෝතැන්නකි. සීගිරිය හා ඒ අවට සිදුකරන ලද කැණීම්වලින් වසර දස දහසකටත් වඩා පැරණි නිමැවුම්, උපකරණ හා බෞද්ධාගමික පිළිරූ ආදී පුරා වස්තු රැසක් සොයා ගැනීමට අපට හැකිව තිබුණද ඒවා නිසි ආකාරයෙන් සංරක්ෂණය කිරීමට පැවැති අවශ්‍යතාව සම්පූර්ණ කිරිම සදහා සීගිරිය පුරාවිද්‍යා   කෞතුකාගාරය සැලසුම් කෙරුණේ 2006 වසරේදීය. මේ සදහා මූල්‍ය මය ආධාර සපයන ලද්දේ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා පදනම මගිනි. ඒ අනුව සිගිර...

සමන් දෙවි යනෙන මග රැඳෙනා දෙවොල

සමන් දෙවි යනෙන මග රැඳෙනා දෙවොල පළාත - මධ්‍යම දිස්ත්‍රික්කය - නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය -   අඹගමුව ගමන් මග -   හැටන් - මස්කෙළිය - මාවුස්සා‍කැලේ සිට නල්ලතන්නිය මාර්ගය හැටන් - නෝටන් බ්‍රිජ් - මාවුස්සාකැලේ හරහා නල්ලතන්නිය මාර්ගය      “ශ්‍රී සිද්ධ බල ඇති සමන්ත කූඨ පර්වතයේ වැඩ වසන සුදු ඇත් වාහනයකින් ගමන් යන ශ්‍රී පාද පද්මයට අරක් ගෙන එය ආරක්ෂා කරන මහාධීර විර තේජාන්විත සුමන සමන් දිව්‍ය රාජෝත්මයාණන් වහන්‍ස.....” සමන් දෙවියන් වෙනුවෙන් කෙරෙන ආයාචනයක් ඉදිරිපත් කරන්නට සුදෝ සුදු පැහැවතින් සැරසීගත් කපු මහතාගේ ගැඹුරු එහෙත් රිද්මයානුකූල හඩින් ඉදිරිපත් කෙරන සමන් දේව වර්ණනාව දේවාල ගෘහයේ නින්නාද දෙයි. හාත්පස පැතිර යන සමන් පිච්ච මල් සුවද හා සුවද දුම් සුවද නිතැතින්ම හද භක්තියෙන් පුරවාලන්නට සමත්වෙයි. බුදුහිමිගේ සිරිපතුල පිහිට වූ සමන්ගිර සමනොළ කන්ද හෙවත් සමන්තකූට යන නම්වලින් ව්‍යවහාරයේ පවතින්නේ එය සමන් දෙවියන්ගේ අඩවිය වශයෙනි. සමනොළ අධිපවති සමන් දෙවියන් බුදුරදුන් ප්‍රථම වරට ලංකාවට වැඩිගමනේදී සෝවාන් ඵලයට පත්වූ දෙවිකෙනෙකි. ලක්දිව දෙවිවරුන් අතර පාරිශු...