Skip to main content

Posts

Showing posts with the label නිල් වෙරළු සොයන මගක ඇවිද යමු ....

නිල් වෙරළු සොයන මගක ඇවිද යමු ....

නිල් වෙරළු සොයන මගක ඇවිද යමු .... පළාත - මධ්‍යම දිස්ත්‍රික්කය - මාතලේ ගමන් මාර්ගය - මාතලේ කූඹියන්ගොඩ පාර ඔස්සේ මාතලේ නගරයට පිවිස හිග්ගොල්ල පාරේ මීටර 500ක් පමණ ඉදිරියට ගිය විට උද්‍යානයට පිවිසිය හැකිය උදෑසන හිරු රැසින් බැබළීගත් කුඩා පිණි බිදු එකිනෙකා පරයා වර්ණ සිත්තම් මවන්නේ නිල් පහැ තණ පළස මත වැතිර ගත් රෝස හා සුදු පැහැ මල් කුමරියන්ගේ විදාගත් පෙති හැඩ කරමිනි. රන්වන් පැහැ ගත් සේලයකින් හා රන් අභරණින් හැඩ වී තම ස්වාමියා සමග ඇවිද යන මේ යුවළ තම ජිවි‍තයේ සිහින සිත්තම් කරන්නට තැත් කරන අයුරු පෙනෙයි. විල්ෂෙයා කදු පන්තිය පාමුල මේ බිම් පෙදෙස වසාගත් මිහිදුම් සේලය තවත් නොබෝ වේලාවකින් ඉවත්ව යනු ඇත. කලබලකාරී දවසක ඇරඹහමා යන සිතල නැවුම් මද නල ගත සිත ප්‍රබෝධයෙන් පුරවයි.   අක්කර දහඅටක වපසරියක් පුරා විහිදුණු, මාතලේ තනායමට හා කිතුණු දේවස්ථානයටත් , තවත් පසෙකින් විජය විද්‍යාලයටත් මායිම්ව පිහිටා ඇති රමණීය භූමියක මෙම උද්‍යානය නිර්මිතය. මාතලේ හිටපු මන්ත්‍රීවරයෙකු හා මාතලේ විජය විදුහලේ විදුහල්පති ධුරය දැරූ වී.ටී.නානායක්කාර මහතා නමින් මෙම උද්‍යානය නම් කර ඇත.‍ ඓතිහාසික මාතලේ කැරැල්ලට සම්බ...