මල් ලොව රැජිණ : උඩවැඩියා පළාත - මධ්‍යම දිස්ත්‍රික්කය - මහනුවර ගමන් මාර්ගය - කොළඹ- නුවර මහාමාර්ගය ඔස්සේ කිලෝමීටර 110 ක දුරින් කොළඹ -නුවර දුම්රිය මාර්ගයේ සරසවි උයන දුම්රිය පොළ සිට බසයකින් හෝ කුලී රියකින් ළගා විය හැකිය විශේෂත්වය - මල් ලොව රැජිණ ලෙසින් විරුදාවලිය ලත් උඩවැඩියා හෙවත් ඕකිඩ් මල් වෙනුවෙන්ම වෙන් කළ නිවහනකි කොළඹ නුවර මාර්ගය ඔස්සේ මෙහි ඇදෙන අයවලුන් මල් ලොව විසිතුරු බලන්නට පෙළගැසෙති. තුරු ලොව විසිතුරු දකින්නට අසා කරති. ඒ මල් ලොව තුළ මල් ලෝකයේ රැජිණ ලෙසින් දිදුලන්නාවූ ඕකිඩ් මල් කුමරියන්ගේ විසිතුරු දකින්නට නෙතු නොඉවසිලිමත්ය. නෙක පැහැ දේදුනු වර්ණයන්ගෙන් හැඩ වන මේ කුමරියන්ගේ රුව දකින්නට අපද පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ “ඕකිඩ් මල් මැදුර” වෙත පිවිසියෙමු. එය නන් පැහැගත් ඕකිඩ් මල් කුමරියන්ටම වෙන් වූ මන්දිරයකි. එහි නොයෙකුත් හැඩ ගත්, විසිතුරු පැහැයෙන් නෙත් සිත් වශිකරවන රැජිණියන් එක් අයෙකුට තවකෙක් පරදින්නට අකැමැති වන්නේ, දිලෙමින් තම වරුණ විදහා පාන්නට උත්සුක වෙති. “උඩවැඩියා” හෙවත් “ ඕකිඩ්” යනුවෙන් හැදින්වෙන මලෙහි අතීතය 19 වැනි ශතවර්ෂය දක්වා ඉතිහාසය දක්ව