වීර පුරන් අප්පු ස්මාරකය - මාතලේ ගමන් මාර්ගය - නුවර - යාපනය - ඒ 9 මාර්ගයේ මාතලේ නගරයේ සිට කොහොඹිලිවල ග්රාමය සමීපයේ ඇති පුරාවිදු බිම විශේෂත්වය - 1848 මාතලේ කැරැල්ලට නායකත්වය ලබා දුන් වීර පුරන් අප්පු සිහිවීම පිණිස ස්ථාපිත කරන ලද්දකි. ඒ එක්දහස් අටසිය හතළිස් අට වර්ෂය යි. සිංහල ජනයා, ඉංග්රීසි පාලනතන්ත්රයට සිය අප්රසාදය දැක්වීමට ගත් සියලු උත්සාහයන් නිරර්ථක වි තිබූ යුගයක් විය. බදුබරින් නිදහස් වීමට, ජනතා දුක්ගැනවිලි ඉදිරිපත් කරමින් පුරන් අප්පු ඉංග්රීසින් සමග මහනුවර කච්චේරීයේ දී හා මගුල් මඩුවේ දී සකච්ඡා කිහිපයක්ම පැවැත්වූ නමුදු ඒවාට සාර්ථක ප්රතිඵල නොලැබිණි. බලා සිටීමෙන් පලක් නොවන බව තේරුම්ගත් පුරන් අප්පු ඉංග්රීසින් මෙරටින් පන්නා දැමීමට පියවර තබන්නට ඉටා ගත්තේය. කුරුණෑගල, දඹුල්ල, අනුරාධපුරය, මාතලේ වැනි ඉපැරණි යටගියාවක් ඇති නගර, ගම් දනව් හරහා ඔහුගේ දෙපා වෙහෙසුණේය. ජාත්යාලයෙන් හද පිරී ගිය, එහෙත් නායකත්වයක් නොමැතිව විසිර සිටි ජනයා මෙන්ම සංඝයාවහන්සේ ද ශාසනය, රට ආරක්ෂා කිරීමේ අධිෂ්ඨානයෙන් පුරන් අප්පුට සහය දැක්වීමට ප්රතිඥා දුන්හ. ඒ අනුව ජනතා කැරැල්ලක උපතට අවැසි සියලු දෑ