Skip to main content

නිල් වෙරළු සොයන මගක ඇවිද යමු ....



නිල් වෙරළු සොයන මගක ඇවිද යමු ....

පළාත - මධ්‍යම
දිස්ත්‍රික්කය - මාතලේ
ගමන් මාර්ගය - මාතලේ කූඹියන්ගොඩ පාර ඔස්සේ මාතලේ නගරයට පිවිස හිග්ගොල්ල පාරේ මීටර 500ක් පමණ ඉදිරියට ගිය විට උද්‍යානයට පිවිසිය හැකිය

උදෑසන හිරු රැසින් බැබළීගත් කුඩා පිණි බිදු එකිනෙකා පරයා වර්ණ සිත්තම් මවන්නේ නිල් පහැ තණ පළස මත වැතිර ගත් රෝස හා සුදු පැහැ මල් කුමරියන්ගේ විදාගත් පෙති හැඩ කරමිනි. රන්වන් පැහැ ගත් සේලයකින් හා රන් අභරණින් හැඩ වී තම ස්වාමියා සමග ඇවිද යන මේ යුවළ තම ජිවි‍තයේ සිහින සිත්තම් කරන්නට තැත් කරන අයුරු පෙනෙයි. විල්ෂෙයා කදු පන්තිය පාමුල මේ බිම් පෙදෙස වසාගත් මිහිදුම් සේලය තවත් නොබෝ වේලාවකින් ඉවත්ව යනු ඇත. කලබලකාරී දවසක ඇරඹහමා යන සිතල නැවුම් මද නල ගත සිත ප්‍රබෝධයෙන් පුරවයි.  

අක්කර දහඅටක වපසරියක් පුරා විහිදුණු, මාතලේ තනායමට හා කිතුණු දේවස්ථානයටත් , තවත් පසෙකින් විජය විද්‍යාලයටත් මායිම්ව පිහිටා ඇති රමණීය භූමියක මෙම උද්‍යානය නිර්මිතය. මාතලේ හිටපු මන්ත්‍රීවරයෙකු හා මාතලේ විජය විදුහලේ විදුහල්පති ධුරය දැරූ වී.ටී.නානායක්කාර මහතා නමින් මෙම උද්‍යානය නම් කර ඇත.‍

ඓතිහාසික මාතලේ කැරැල්ලට සම්බන්ධ වූ විරුවන් අට දෙනෙකු ඉංග්‍රීසින් විසින් අත්අඩංගුවට ගෙන මෙම උද්‍යානය ඉදිරිපස තිබූ ඇසළ ගසක එල්ලා මරා දැමූ බව කියැවේ. අදටත් මේ උද්‍යාන භූමිය තුළ විවිධ වර්ගයේ විශාල කදන් සහිත අතුපතර පැතිර ගත් ගස් තිබූ බවට සාධක ඉතිරිව ඇත්තේය. වසර දෙසියක පමණ ඉතිහාසයක් ‍ඇති බව කියැවෙන බෝ වෘක්ෂය ඒ සදහා සාක්ෂි දරයි.  


ඡායාරූපය: අන්තර්ජාලයෙනි

එපමණක් නොව මෙහි ඇති දුර්ලභ ගණයේ ශාක අතර නිල් වෙරළුවලට (Elaeocarpus gannitrus) හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. රුද්‍රාරක්ෂ යනුවෙන් සංස්කෘතයේ දී හැදින්වෙන නිල් වෙරළු හා සම්බන්ධ විශ්වාසයන් දෙකකි. හින්දුන්ට අනුව මෙම පළතුර රුද්‍ර හෙවත් ශිව දෙවියන්ගේ ඇස් යන අරුත ගනියි. ඒ අනුව මේවායේ ශිව දෙවියන්ගේ ශක්තිය  මෙන්ම ඖෂධීය ගුණයද අන්තර්ගත බව විශ්වාසයයි. අනෙක නම්, රාම රාවණ කතා පුවතට සම්බන්ධය. එහි කියැවෙන්නේ රාම කුමරුට ඖෂධ සොයා ඉන්දියාවට ගිය හනුමන්තා විසින් රැගෙන එන ලද කදුගැටයේ තිබී මෙම වෘක්ෂය ව්‍යාප්ත වූ බවයි. කෙසේ වෙතත්, නිල් වෙරළු මෙහි ව්‍යාප්තවන්නට ඇත්තේ විදේශීය පක්ෂීන්ගෙන් බව විද්‍යාත්මක මතය වී තිබේ.

මේ හැරුණු කොට උද්‍යානයේ තාල වර්ගයට අයත්වන ගස් වර්ග මෙන්ම විවිධ විසිතුරු වෘක්ෂයෝද දැක ගත හැකිවෙයි. ඒ අනුව මෙය සියලු පරිසර පද්ධතින් එක්තැන් වූ ක්ෂේම භූමියකට සමකළ හැකිය.

දාස්පෙතියා, රෝස, කානේෂන්, කපුරු ආදී වූ මල් ලෝකයේ මල් කුමරියන්ගෙන් හැඩවන මෙම උද්‍යානයේ, මල්වල රොන් සුණු එක්කාසු කරන්නට ඉගිල යන සමනලයින්ගෙන් හා මී මැස්සන්ගේ බිගු නදින් හැඩවී ඇත්තේය.

එමෙන්ම නා නා විධ පක්ෂීන්ගෙන් හැඩ වන මේ පරිසරය තුළ ලංකාවේ මධ්‍යම කදුකර පරිසර පද්ධතියට ආවේණි පක්ෂීන් මෙන්ම සංචාරක පක්ෂීන් ද දැකගත හැකි බව හාත්පස සිසාරා තම විමසිලිමත් දෑස යොමු කරන්නෙකුට පසක් වනු ඇත.

උදෑසන 7.00 සිට සවස 4.30 දක්ව මෙහි සිරි අසිරි නරඹන්නට අපට අවසර ලබා දී ඇති අතර ටිකට් පතක මිල රුපියල් එකසිය පණහකි. සේවක මහත්මමහත්මීන් අට දෙනෙකුගෙන් සමන්විතවන කාර්ය මණ්ඩලය හා මාතලේ මහ නගර සභාවේ පාලනයට නතුව මෙම උද්‍යානය පවත්වාගෙන යනු ලැබේ.

මෑත භාගයේ දී විවිධ වෙනස්කම්වලට ලක්කළ මෙහි කෘෂි අංශය නියෝජනය කරමින් ඖෂධ, මල්පැළ, පළතුරු ආදීන්ගෙන් සමන්විත වූ ආදර්ශ පැළ වගාවක් ද දැකගත හැකිය. එමෙන්ම මෙහි කොම්පෝස්ට් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ සැලසුමක් ද පවතින්නේ අනෙකුත් නගර උද්‍යාන පාලනයට ආදර්ශ සපයමිනි. සොදුරු බිමක ගත කළ මේ හෝරා කිහිපය තුළ ගතට මෙන්ම නෙතටද හරිත පෙතක සොදුරු බව විදින්ගන්නට හැකි වූයේ අප තවමත් මේ ‍පින් බිමෙහි උපන් පිනැතියන් වීම නිසාවෙනි.

2016 නොවැම්බර්

බුද්ධික එස්. රත්නායක
ටෙක්ලා චාන්දනී


Comments

Popular posts from this blog

අත්තිඩිය කුරුලු උයන

අත්තිඩිය කුරුලු උයන ගිනිගහන මද්දහනේ තුරුහිසින් සෙවණ වූ බිම්කඩක් මේ කොළොම්තොට නෙතට මෙන් ම ගතට ද ලබා දෙන්නේ අපමණ සුවයකි. මෙරට මෙන් ම විදේශීය ආගන්තුකයන්ගේ සොඳුරු නවාතැනක් වූ මේ බිම්කඩ පරිසර ලෝලීන්ට නම් මිහිපිට සුරපුරයකි. බොරලැස්ගමුව, බෙල්ලන්විල රජමහා විහාර බිමට පැමිණෙන්නෙකුට මෙහි ළගා වීමට ගත වන්නේ අඩ හෝරාවකටත් අඩු කාලයකි. බොල්ගොඩ ගංගාවට අයත් පිටාර තැන්නේ නිර්මිත මේ වගුරු බිම කොළඹ නගරයේ ගිණිකොණ දිග සීමාවේ පිහිටයි. බෙල්ලන්විල අත්තිඩිය වගුරු බිම නමින් හැඳින්වෙන මෙහි ගැඹුරු හා නොගැඹුරු දිය සහිත වගුරුවලින් තෙත් බිම නිර්මිතව ඇත.   මෙය වාස භූමිය කරගත්තෝ වැඩිපිරිස පක්ෂීහු නිසාවෙන් මෙය අත්තිඩිය කුරුලු උයන ලෙසින් ප්‍රචලිතය. බස්නාහිර පළාතේ බෙල්ලන්විල, අත්තිඩිය, බොරලැස්ගමුව, පැපිලියාන, නැදිමාල, රත්මලාන උතුර, නුගේගොඩ හා වේරහැර යන ප්‍රදේශයන් හි අතිරික්ත වර්ෂා ජලය ගලා එන මේ වගුරු බිම ජල කඳ උරා ගනිමිනි ගංවතුරින් මේ ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට නිහඩවම සේවය ලබා දෙයි. 80 දශකයේ දී ජෛවවිවිධත්වයෙන් අනූන වූ මේ බිම් පෙදෙස සංක්‍රමණික පක්ෂි විශේෂ රැසකගේ ලැගුම් පොළක් මෙන් ම ගොදුරු බිමක් ද විය. මේ හේතුවෙ

මඩකලපුවේ බර්ගර්වරු

මඩකලපුවේ බර්ගර්වරු මඩකලපුව නගරයේ සිට නව කල්ලඩි පාලම ( New Kallady Bridge ), උප්පොඩි ( Uppody ), තිරුචෙන්දූර්( Thiruchenthur ), කල්ලඩි( Kallady ), මුගාවතුරම් ( Mugawathuram ) යන ප්‍රදේශ ඔස්සේ කිලෝ මීටර තුනක් පමණ ගමන් කළ විට හමුවන ලන්දේසි කපොල්ල ( Dutch Bar ) නම් වන මුහුදු තීරය හා බැදුණු බිම් කඩ මෙරට වෙසෙන බර්ගර් ජනයාගෙන් වැඩි කොටසකගේ වාසභූමිය යැයි සැලකෙයි. ඡායාරූපය: අන්තර්ජාලයෙනි ශ්‍රී ලාංකීය ජන සංයුතියේ සුළු ජන කොටසක් ලෙසින් සැලකෙන බර්ගර්වරුන් සංඛ්‍යාත්මකව ගත් කළ මුළු ජන සංඛ්‍යාවෙන් 0.3% ක් තරම් වූ සුළු ප්‍රමාණයක් නියෝජනය කරන බව 1981 දී අවසන් වරට මෙරට සිදු කළ ජන සංගණනය කිරීම් වල දක්වා ඇත. එහෙත් අද වන විට එය 0.2% ක් බව දත්ත වාර්තා වල සටහන්ව ඇත. ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර වර්ගවාදී අර්බුදයට මෙන්ම 2004 සුනාමි ව්‍යසයනයටද ගොදුරු වූ මේ ජන කොටස කිසිවෙකුගේ අවධානයට පාත්‍ර නොවන්නේ නමුදු ඔවුනටම ආවේණික වූ යුරේසියානු සංස්කෘතිය රැක ගනිමින් ජීවත් වන්නාහ. බර්ගර්වරුන්ගේ සම්භවය සිදුවන්නේ දහසය වැනි හා දහහත්වැනි ශත වර්ෂයන්හි මෙරටට පැමිණෙන පෘතුගීසි හා ලන්දේසි ජාතිකයන්ගෙන් බව පැවසෙයි. ඒ අනුව පෘතුගිසි බ

ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය

ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයට පිවිසෙන දුම්රිය මගෙහි අවසන් නවාතැන්පොළ නම් ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයයි. කිලෝමිටර 296 ක දුර ගෙවා උතුර සහ දකුණ යා කරන මාවතේ නැගෙනහිර ඉම වෙත දුම්රිය ළගා වන්නේ තෙත් හා වියළි කලාපයේ එකිනෙකින් වෙනස් වූ භූ කලාප පසුකරමිනි. මුහුදු මට්ටමේ සිට මීටර 1.83 ක පමණ උසකින් පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානය, ලංකාවේ අඩුම උසකින් පිහිටා ඇති දුම්රිය ස්ථානයක් ලෙ සින් ද සැලකෙයි. 1927 වර්ෂයේ දී ආරම්භ කරන ලද ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයේ   පොල්ගහවෙල, මාහෝ, ගල්ඔය යන දුම්රිය ස්ථානවලින් ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගය වෙන් වෙයි. ගල්ඔය සිට නැගෙනහිරට ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගයේ අග්බෝපුර, කන්තලේ, ගල්තලාව, තම්පලකාමම්, චීන වරාය පසුකරමින් දුම්රිය ත්‍රිකුණාමලයට ළගා විය යුතුය. ගල් ඔයෙන් වමට හැරී ගමන් ගන්නා දුම්රිය මඩකලපුව වෙත ළගා වෙයි. තවමත් ඉපැරණි ගොඩනැගිලිවලින් සමන්විත වුවද නවීකර ණයට ලක් වූ දුම්රිය ස්ථානය පිබිදෙන නැගෙනහිර නවෝදයට සාක්ෂියකි. දශක ගණනාවක්   පුරා පැවැති යුදමය වාතාවරණය හේතුවෙන් ත්‍රිකුණාමලය දක්වා දිවෙන දුම්රිය ගමන් ඇතැම්විට අඩාලව