Skip to main content

Posts

Showing posts from March, 2014

සිරිපා වඳිමු මේ සීතල හීමේ ......

 සිරිපා වඳිමු මේ සීතල හීමේ ...... පළාත් :- මධ්‍යම හා සබරගමු පළාත දිස්ත්‍රික්ක :- නුවරඑළිය හා රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්කයන් ගමන් මග :- හැටන් - දික්ඔය- නෝර්වුඩ් - මස්කෙළිය - මාවුස්සාකැලේ - නල්ලතන්නිය (හැටන් සිට කිලෝ මීටර 32ක් දුර) නල්ලතන්නිය සිට සමනොළ කදු මුදුන දක්වා (කිලෝ මිටර 6 ක් පමණ දුර)   සිරිපා වන්දනා කරන්නට අපට ඇති මාර්ග කිහිපයකි. ඒ අතරින් හැටන් - නල්ලතන්නි මාර්ගය කෙටිම හා පහසුම මාර්ගය ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත. හැටන් සිට නල්ලතන්නිය දක්වා වන්දනාකරුවන්ටම විශේෂිත වූ ප්‍රවාහන සේවයක් හැටන් දුම්රිය ස්ථානයේ සිට මෙන්ම බස්නැවතුම්පොළෙහි සිට ද නල්ලතන්නිය දක්වා ක්‍රියාත්මක වෙයි. හැටන් නගරය සිරිපා සමයේදී කාර්යබහුල නගරයකි. ලංකාවේ නන් දෙසින් ඇදී එන බොදු, කිතුනු, මුස්ලිම් මෙන්ම හින්දු භක්තියකයෝද සමනළ කන්ද තරණය කරන්නේ හද පිරි බැති සිතිනි. බුදුරදුන්ගේ බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයෙහි වෙසක් පුන් පොහෝ දින සුමන සමන් දෙවි ආරාධනයෙන් සමනල කන්දට වැඩ එහි ඉන්ද්‍රනීල මාණික්‍ය මතුයෙහි බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල පිහිට වූ බව බොදුනු විශ්වාසයයි. එහෙයිනි මේ ගිරි හිස “ශ්‍රී පාද කන්ද” නැතහොත් “සිරිපාද කන

සමන් දෙවි යනෙන මග රැඳෙනා දෙවොල

සමන් දෙවි යනෙන මග රැඳෙනා දෙවොල පළාත - මධ්‍යම දිස්ත්‍රික්කය - නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය -   අඹගමුව ගමන් මග -   හැටන් - මස්කෙළිය - මාවුස්සා‍කැලේ සිට නල්ලතන්නිය මාර්ගය හැටන් - නෝටන් බ්‍රිජ් - මාවුස්සාකැලේ හරහා නල්ලතන්නිය මාර්ගය      “ශ්‍රී සිද්ධ බල ඇති සමන්ත කූඨ පර්වතයේ වැඩ වසන සුදු ඇත් වාහනයකින් ගමන් යන ශ්‍රී පාද පද්මයට අරක් ගෙන එය ආරක්ෂා කරන මහාධීර විර තේජාන්විත සුමන සමන් දිව්‍ය රාජෝත්මයාණන් වහන්‍ස.....” සමන් දෙවියන් වෙනුවෙන් කෙරෙන ආයාචනයක් ඉදිරිපත් කරන්නට සුදෝ සුදු පැහැවතින් සැරසීගත් කපු මහතාගේ ගැඹුරු එහෙත් රිද්මයානුකූල හඩින් ඉදිරිපත් කෙරන සමන් දේව වර්ණනාව දේවාල ගෘහයේ නින්නාද දෙයි. හාත්පස පැතිර යන සමන් පිච්ච මල් සුවද හා සුවද දුම් සුවද නිතැතින්ම හද භක්තියෙන් පුරවාලන්නට සමත්වෙයි. බුදුහිමිගේ සිරිපතුල පිහිට වූ සමන්ගිර සමනොළ කන්ද හෙවත් සමන්තකූට යන නම්වලින් ව්‍යවහාරයේ පවතින්නේ එය සමන් දෙවියන්ගේ අඩවිය වශයෙනි. සමනොළ අධිපවති සමන් දෙවියන් බුදුරදුන් ප්‍රථම වරට ලංකාවට වැඩිගමනේදී සෝවාන් ඵලයට පත්වූ දෙවිකෙනෙකි. ලක්දිව දෙවිවරුන් අතර පාරිශුද්ධත්වයෙන් අග්‍ර ස්ථානය

සීතලේ පියවර තබන්නී ඇය .........

සීතලේ පියවර තබන්නී ඇය ......... තම ගමනාන්තය වෙත පියවර මනින්නට නොඉවසිලිමත්ව තම කළමනා අතැතිව බලා සිටින අයවලුන් තවත් මොහොතකින් උඩරට මැණිකේ දුම්රියට ගොඩවන්නේ තමන්ට හිමි අසුනක් සොයා ගැනීමේ අභිලා‍ෂයෙනි. තවත් සමහරෙක් ස්ව-කැමැත්තෙන්ම තම අසුන කරගන්නේ පා පුවරුවයි. එතරමටම දුම්රිය ගමන විනෝදාත්මක, අධ්‍යාපනික එකක් මෙන්ම පර්යේෂණාත්මක එකක් වන නිසාවෙන් බව කිවයුතු මනාය. තම ගමනාන්තයට ළඟා වූ පසුව තුති පිදුමකින් තොරවම ඔවුහු ඇය අතැර යයි. එහෙත් ඇය ඒ කිසිවක් ගැන මායිම් නොකරන්නීය. සෑම දිනකම ඇය කොළොම්තොට සිට බදුල්ල බලා ඇදෙන උඩරට මැණිකේ හා එක්ව මමද පිය මනින්නට සූදානම් වූයෙමි.  කොළොම්තොට සිට දුරු කතර ගෙවා අසිරිමත් කඳුරට නවාතැන්පොළවෙත යන්නට ඇය ලහිලහියේම සූදානම් වන්නීය. සුන්දරත්වයෙන් අනූන රූ සිත්තම් අතර ලැගුම් ගන්නට අවැසි අයෙකුට උඩරට දුම්රිය ගමන් මග නොමැකෙන මතක සටහන් ගොන්නක් එකතු කරන්නට සමත් වෙයි. පොඩිමැණිකේ, උඩරට මැ‍ණිකේ මෙන්ම අළුතින්ම උඩරට දුම්රිය ගමන් මගට එක්ව සිටින කොළඹ - නානුඔය දුම්රිය ද දිනපතා ගමන් පහසුකම් සපයයි. දුම්රිය වේදිකා එකොළසකින් සමන්විත කොළඹ කොටුව දුම්රිය ස්ථානය, දුම්රිය ගමන් මගෙහි ප