Skip to main content

Posts

Showing posts from 2015

ඉදුරාන ඇල්ල

ඉදුරාන ඇල්ල පළාත -  සබරගමු පළාත දිස්ත්‍රික්කය - කෑගල්ල දිස්ත්‍රික්කය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය - රුවන්වැල්ල ගමන් මග 1)      කොළඹ - කඩුවෙල - අවිස්සාවේල්ල - රුවන්වැල්ල ඔස්සේ 2)      කොළඹ - වැලිවේරිය - වහරක - රුවන්වැල්ල ඔස්සේ පැය එකහමාරක පමණ ගමනිකින් මෙහි ළගා විය හැකිය. තුරු ගොමුවලින් වැසීගත් නිහඩ බිමෙහි ගලන මේ ජල බිදු අපට කියා දෙන පාඩම් නම් බොහෝමයකි. ඉදුරාම ඇය තවත් මේ ලක් මව් සරසන දිය ඇලි කුමරියකි. දිය ඇලි රැජිණියන් අතරේ ඇය සුකොමලව පියවර මනින “ ඉදුරාන දිය ඇලි කුමරිය ” අහිංසක කුමරියක් යැයි මට සිතෙයි. වන අරණ අතර ඈ නිහඩවම සක්මන් කරන්නේ තනිකමට ගස් කොළ සතා සිව්පාවුන් මෙන්ම කුරුඵ කොබෙයියන්ගේ ද ආදර බර වදන්වලට සවන් දෙමිනි. මිහිකත හමුවේ සරතැස නිවන්නට   ඉසව් සොයා යන ගමනේ දී ඇය අප විඩා නිවන්නට සමත් වූවාය. කිසිදු කලෙක කිසිවෙකුටත් ‍නොදෙවැනි හැඩි දැඩි තම ස්වාමියාගේ සරතැස නිවන සෙනෙහෙබර බිරියක මෙන් ඇය ගල් කුළ වසා ගනිමින් තම සෙනෙහස පතුරවන සෙයකි. ඇගේ ඒ සෙනෙහස අන් අයට දෙනු නොකැමති හෙයින්දෝ මේ ගල් කුළ ඉතා රළු ලෙසින් නැගී සිටින්නේය. විඩාපත්වන නිසාවෙන් දෝ ‍ඇය ඇතැම් තැනක දී සුසිනිදු සුදෝ

වීර පුරන් අප්පු සිහිවටනය

වීර පුරන් අප්පු ස්මාරකය - මාතලේ ගමන් මාර්ගය   -   නුවර - යාපනය - ඒ 9 මාර්ගයේ මාතලේ නගරයේ සිට කොහොඹිලිවල ග්‍රාමය සමීපයේ ඇති පුරාවිදු බිම විශේෂත්වය   -   1848 මාතලේ කැරැල්ලට නායකත්වය ලබා දුන් වීර පුරන් අප්පු සිහිවීම පිණිස ස්ථාපිත කරන ලද්දකි. ඒ එක්දහස් අටසිය හතළිස් අට වර්ෂය යි. සිංහල ජනයා, ඉංග්‍රීසි   පාලනතන්ත්‍රයට සිය අප්‍රසාදය දැක්වීමට ගත් සියලු උත්සාහයන් නිරර්ථක වි තිබූ යුගයක් විය. බදුබරින් නිදහස් වීමට, ජනතා දුක්ගැනවිලි ඉදිරිපත් කරමින් පුරන් අප්පු ඉංග්‍රීසින් සමග මහනුවර කච්චේරීයේ දී හා මගුල් මඩුවේ දී සකච්ඡා කිහිපයක්ම පැවැත්වූ නමුදු ඒවාට සාර්ථක ප්‍රතිඵල නොලැබිණි. බලා සිටීමෙන් පලක් නොවන බව තේරුම්ගත් පුරන් අප්පු ඉංග්‍රීසින් මෙරටින් පන්නා දැමීමට පියවර තබන්නට ඉටා ගත්තේය. කුරුණෑගල, දඹුල්ල, අනුරාධපුරය, මාතලේ වැනි ඉපැරණි යටගියාවක් ඇති නගර, ගම් දනව් හරහා ඔහුගේ දෙපා වෙහෙසුණේය. ජාත්‍යාලයෙන් හද පිරී ගිය, එහෙත් නායකත්වයක් නොමැතිව විසිර සිටි   ජනයා මෙන්ම සංඝයාවහන්සේ ද ශාසනය, රට ආරක්ෂා කිරීමේ අධිෂ්ඨානයෙන් පුරන් අප්පුට සහය දැක්වීමට ප්‍රතිඥා දුන්හ. ඒ අනුව ජනතා කැරැල්ලක උපතට අවැසි සියලු දෑ

යටවත්ත ග්‍රාමයේ ප්‍රෞඩත්වය

යටවත්ත ග්‍රාමයේ ප්‍රෞඩත්වය දිස්ත්‍රික්කය -   මාතලේ දිස්ත්‍රික්කය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය   -   යටවත්ත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය ග්‍රාම නිලධාරි කොට්ඨාශය   -   දුල්ලෑව ග්‍රාම නිලධාරී කොට්ඨාශය ගමන් මාර්ගය   -   මාතලේ - මන්දන්ඩාවෙල හරහා කිලෝමීටර 10 ක පමණ දුරකින් පිහිටා ඇත විශේෂත්වය    - විසිවැනි සියවසේ ලාංකීය දේශපාලන ඉතිහාසයේ මෙරට අවසන් හා ප්‍රථම බෞද්ධ අග්‍රාණ්ඩුකාරවරයා හා ප්‍රථම ජනාධිපතිවරයා වු විලියම් ගොපල්ලව මහතා‍ උපන් නිවසයි මාතලේ අස්ගිරි උඩසිය පත්තුවේ, දුල්ලෑව නම් ග්‍රාමයේ දී ගොකරැල්ලේ ටිකිරි බණ්ඩාර ගොපල්ලව මහතාට සහ දුල්ලෑව ග්‍රාමයේ ටිකිරි කුමාරිහාමි දුල්ලෑව මහත්මියට දාව විලියම් ගොපල්ලව ළදරුවා 1896 සැප්තැම්බර් 17 වැනි දින මෙලොව උපත ලැබීය. ඒ දුල්ලෑව වලව්වේ දී ය. නිහඩ නිසංසල පරිසරයක පිහිටි මේ මහ වලව්ව එදා පටන් විලියම් ගොපල්ලව හෙවත් මෙරට ප්‍රථම බෞද්ධ අග්‍රාණ්ඩුකාරවරයාගේ මෙන්ම මෙරට ප්‍රථම නාමික නොවන විධායක ජනපතිවරයාට හැදී වැඩෙන්නට සෙවණ දුන් නිවස වීය.   දුල්ලෑව ග්‍රාමයෙහි තම ළමා කාලය කෙළිදෙලෙන් ගෙවන්නට විලියම් ගොපල්ලව මහතාට සෙවණ දෙන මේ විසල් මැදුර තට්ටු දෙකකින්