Skip to main content

Posts

Showing posts from 2017

අත්තිඩිය කුරුලු උයන

අත්තිඩිය කුරුලු උයන ගිනිගහන මද්දහනේ තුරුහිසින් සෙවණ වූ බිම්කඩක් මේ කොළොම්තොට නෙතට මෙන් ම ගතට ද ලබා දෙන්නේ අපමණ සුවයකි. මෙරට මෙන් ම විදේශීය ආගන්තුකයන්ගේ සොඳුරු නවාතැනක් වූ මේ බිම්කඩ පරිසර ලෝලීන්ට නම් මිහිපිට සුරපුරයකි. බොරලැස්ගමුව, බෙල්ලන්විල රජමහා විහාර බිමට පැමිණෙන්නෙකුට මෙහි ළගා වීමට ගත වන්නේ අඩ හෝරාවකටත් අඩු කාලයකි. බොල්ගොඩ ගංගාවට අයත් පිටාර තැන්නේ නිර්මිත මේ වගුරු බිම කොළඹ නගරයේ ගිණිකොණ දිග සීමාවේ පිහිටයි. බෙල්ලන්විල අත්තිඩිය වගුරු බිම නමින් හැඳින්වෙන මෙහි ගැඹුරු හා නොගැඹුරු දිය සහිත වගුරුවලින් තෙත් බිම නිර්මිතව ඇත.   මෙය වාස භූමිය කරගත්තෝ වැඩිපිරිස පක්ෂීහු නිසාවෙන් මෙය අත්තිඩිය කුරුලු උයන ලෙසින් ප්‍රචලිතය. බස්නාහිර පළාතේ බෙල්ලන්විල, අත්තිඩිය, බොරලැස්ගමුව, පැපිලියාන, නැදිමාල, රත්මලාන උතුර, නුගේගොඩ හා වේරහැර යන ප්‍රදේශයන් හි අතිරික්ත වර්ෂා ජලය ගලා එන මේ වගුරු බිම ජල කඳ උරා ගනිමිනි ගංවතුරින් මේ ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට නිහඩවම සේවය ලබා දෙයි. 80 දශකයේ දී ජෛවවිවිධත්වයෙන් අනූන වූ මේ බිම් පෙදෙස සංක්‍රමණික පක්ෂි විශේෂ රැසකගේ ලැගුම් පොළක් මෙන් ම ගොදුරු බිමක් ද විය. මේ හේතුවෙ

දුමින් බර වූ සොඳුරු දුම්බර වන පෙත

දුමින් බර වූ සොඳුරු දුම්බර වන පෙත දකුණු   හා නැගෙනහිර දෙසින් මහවැලි නිම්නයෙන් ද බටහිරින් මාතලේ නිම්නයෙන් ද හුදකලා වූ මේ ශිඛර තොමෝ සියල්ලන්ගෙන්   ම සැ ඟ වෙන්නට උත්සාහ කරන්නාක් මෙන් නිරන්තර ඝන මීදුම් සේලයට මුවාවී සිටිති. නීල, හරිත, රන්වන් සහ දුඹුරු පැහැයන්ගෙන් වර්ණවත්ව   එකිනෙකට යාව පැතිරපවත්නා මේ කඳුපන්ති තොමෝ ශිඛර කීපයකින් ම සමන්විත වෙයි. ඒ අතරින් ගොම්බානිය, නකල්ස්, කිරිගල්පොත්ත, දුම්බානගල, කළුපහන, වමාරපුගල, දෝතළුගල, පතනගල, තෙලබුගල හා ලකේගල සුපතලය. මේ ප්‍රදේශයටම ආවේණික වූ දැකුම්කළු සොබා සෞන්දර්යය, පුළුල්   දර්ශන පථයට හසුවන්නා වූ අයස්කාන්ත සුන්දරත්වය මෙන් ම මේ මිටියාවතේ කඳු නිම්න අතරින් ඇදී යන්නා වූ සුනිමල ජල ධාරාවෝ ද එහි යනෙන අයවලුන්ගේ නෙත් සිත් සොරාගන්නට සමත් වෙයි. නිරන්තරව ඝන මීදුමින් වැසී   ඇති නිසාවෙන් දුම්බර යන නාමය පටබැඳි මේ කඳුපන්තිය විදේශිකයන් ට නම් නකල්ස් නම් විය. ඒ මානව හස්තයක් මිට මෙලවූ කල් හි ඇ ඟ ිලි පුරුක් දක්නට ලැබෙන ආකාරයෙන් මේ කඳුවැටියේ ශිඛර 5ක් දෘශ්‍යමාන වූ නිසාවෙනි. බටහිර බෑවුමෙ හි අධික ලෙස බට වර්ගයන්ගෙන් ගහන වූ බිම් ඇති නිසාවෙන් ඇතැම්හු මෙය “බටදඬු කන්ද

සුන්දර බේරුවල......

සුන්දර බේරුවල...... ක්ෂිතිජඉමෙන් මෝදුවන රන්වන් හිරුගේ රැස් දහරින් නීලවර්ණ ජලතලය දිලෙයි.  විටෙක සුදෝ සුදු දසන් පෙන්වා සිනාසෙන ඇය, තවත් විටෙක තම දෑත් දිගු කරමින් වැළදගන්නට උත්සාහ කරනුයේ තම හිමි සඳුට විය නොහැක්කේ ද?  රහල් හිමිගේ සමුදුරු වර්ණනාවෝ යථාර්ථයක් බවට පත් කරමින් අප නෙතු  අද්දර සිත්තම්වන මේ චමත්කාරජනක සිතුවම අකුරු කරන්නට නම් ඉමහත්  වෙහෙසක් දැරිය යුතු බව හැගෙයි. පරිසරය එතරම් නෙත සිත වශී කරගන්නට  සමත් වෙයි. දිගු රැයක අවසානයේ තම සටනින් ජය ද පරාජය ද සම සිතින් දරා ගනිමින්  නිවස්න කරා ඇදී එන්නා වූ සැමියාගේ රුව දකිනු රිසියෙන් පොල් රුප්පාවේ  සෙවණකට වී බලා සිටින්නා වූ බිරින්දෑවරුන් ද බඩවියත සරිකරගනු වස්  ජීවිකාව පිණිස කූඩා අතැතිව බලා සිටින්නා වූ ළදුන් ද මෙහි දැකිය හැකිය.  කෙමෙන් කෙමෙන් හිරු දිනයක ඇරඹීම සනිටුහන් කරන විට දී සිහිල් මද  පවනක පහස විඳිනු රිසියෙන් සුසුනිඳු වැලි තලාවේ වැතිර හිරු කිරණින් ගත  සරසනු රිසියෙන් හෝ සිසිල් සමුදුරු දියණියගේ සෙනෙහසින් පිරි ජල තලයේ  කිමිද ජලකෙළියෙ හි නිරතවනු රිසිව හෝ මෙහි යනෙනවුන් බොහෝමයකි. ඔවුහු  මේ බිමට ආගන්තුකයෝ වෙති. එහෙත් මේ සොබා සිරිය දැක්ම