Skip to main content

Posts

මුතුරාජවෙල තෙත්බිම

  රජුට මුතුවැනි සහල් දුන් -  මුතුරාජවෙල  පළාත - බස්නාහිර දිස්ත්‍රික්කය - ගම්පහ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ - ජා ඇළ, වත්තල, මීගමුව, කටාන යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ හතරකට අයත්ය පිහිටීම - උතුරින් මීගමුව කලපුවටත්, දකුණින් කැළණි ග ඟ හා හැ ඳල ප්‍රදේශයටත්, බටහිරන් උස්වැටකෙයියාව හා පමුණුගම වෙරළ තීරයටත්, නැගෙනහිරින් කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයටත් මායිම්ව පිහිටා ඇත. ගමන් මග - 1) කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ දෙල්තුර - ජා ඇළ පාර - පමුණුගම මාවත - බෝපිටිය - වැලිකැටිය - මුතුරාජවෙල පාරිසරික කේන්ද්‍රයට පිවිසීමෙන් මුතුරාජවෙල අභය භූමියට පිවිසිය හැකිය  ( කිලෝමීටර 24 ක් පමණ දුර හා විනාඩි 30 කින් පමණ ළගාවිය හැකිය) 2) මීගමුව නගරයේ සිට පෑලියගොඩ පුත්තලම අධිවේගී මාර්ගය - කටුනායක කොළඹ අධිවේගී මාර්ගය - පමුණුගම ඔස්සේ මුතුරාජවෙල පාරිසරික කේන්ද්‍රය ( කිලෝමිටර 16 ක් පමණ දුර වන අතර විනාඩි 20 කින් පමණ ළගා විය හැක) 3) හැමිල්ටන් ඇළ මාර්ගය ඔස්සේ මීගමුව කළපුවට පිවිසීමෙන් ද මුතුරාජවෙල අභය භූමියට ඇතුලු විය හැකිය අතීත රජදවස අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ලෙස ස්ථාපිත වූ යුගයෙහිදී සශ්‍රීක කුඹ...

ගංගාරාමය

සිත්සතන් සනහාලන වැව්තෙරේ පින්බිම -  ගංගාරාමය පළාත                 : බස්නාහිර දිස්ත්‍රික්කය         : කොළඹ ගමන් මග:  1)      කොළඹ ‍කොටුව - යෝර්ක් වීදිය - ගාලු පාර - ශ්‍රී උත්තරානන්ද මාවත - නවම් මාවත - සර් ජේම්ස් පීරිස් මාවත - ශ්‍රී ජිනරතන මාවත (කි‍ලෝමීටර 5ක් පමණ දුරකින් යුතු වන අතර විනාඩි 12කින් පමණ ළගාවිය හැකිය) 2)   කොළඹ කොටුව - යෝර්ක් වීදිය - සර් චිත්තම්පලම් ඒ.ගාඩිනර් මාවත (ඒ 2 මාර්ගය ඔස්සේ) - ගංගාරාමයේ සීමා මාලකය පසුකර - ශ්‍රී ජිනරතන මාවත 3)      කටුනායක අන්තර්ජාතික ගුවන් තොටු‍පළේ සිට කොළඹ කටුනායක අධිවේගී මාර්ගය - ගාලු පාර - නවම් මාවත (කිලෝමීටර 34ක් පමණ දුරකින් යුතු වන අතර පැයක පමණ කාලයක් ගත වේ) උදෑසන වුවද ඝෝෂාකාරී වාහන වල මෙන්ම අති තියුණු තරගකාරී ජීවන රටාවකට හිමිකම් කියන කොළඹ නගර මධ්‍යයයේ අහස සිඹින ගොඩනැගිලි සමුහයකි. නගරයට සුන්දරත්වයක් එක් කරමින් දිය රැළි නංවන බේරේ වැව් ඉස්මත්තේ පිහිටි මේ පූජනීය බිම් කඩ දෙස් විදෙස්...