Skip to main content

Posts

අත්තිඩිය කුරුලු උයන

Recent posts

දුමින් බර වූ සොඳුරු දුම්බර වන පෙත

දුමින් බර වූ සොඳුරු දුම්බර වන පෙත දකුණු   හා නැගෙනහිර දෙසින් මහවැලි නිම්නයෙන් ද බටහිරින් මාතලේ නිම්නයෙන් ද හුදකලා වූ මේ ශිඛර තොමෝ සියල්ලන්ගෙන්   ම සැ ඟ වෙන්නට උත්සාහ කරන්නාක් මෙන් නිරන්තර ඝන මීදුම් සේලයට මුවාවී සිටිති. නීල, හරිත, රන්වන් සහ දුඹුරු පැහැයන්ගෙන් වර්ණවත්ව   එකිනෙකට යාව පැතිරපවත්නා මේ කඳුපන්ති තොමෝ ශිඛර කීපයකින් ම සමන්විත වෙයි. ඒ අතරින් ගොම්බානිය, නකල්ස්, කිරිගල්පොත්ත, දුම්බානගල, කළුපහන, වමාරපුගල, දෝතළුගල, පතනගල, තෙලබුගල හා ලකේගල සුපතලය. මේ ප්‍රදේශයටම ආවේණික වූ දැකුම්කළු සොබා සෞන්දර්යය, පුළුල්   දර්ශන පථයට හසුවන්නා වූ අයස්කාන්ත සුන්දරත්වය මෙන් ම මේ මිටියාවතේ කඳු නිම්න අතරින් ඇදී යන්නා වූ සුනිමල ජල ධාරාවෝ ද එහි යනෙන අයවලුන්ගේ නෙත් සිත් සොරාගන්නට සමත් වෙයි. නිරන්තරව ඝන මීදුමින් වැසී   ඇති නිසාවෙන් දුම්බර යන නාමය පටබැඳි මේ කඳුපන්තිය විදේශිකයන් ට නම් නකල්ස් නම් විය. ඒ මානව හස්තයක් මිට මෙලවූ කල් හි ඇ ඟ ිලි පුරුක් දක්නට ලැබෙන ආකාරයෙන් මේ කඳුවැටියේ ශිඛර 5ක් දෘශ්‍යමාන වූ නිසාවෙනි. බටහිර බෑවුමෙ හි අධික ලෙස බට වර්ගයන්ගෙන් ගහන වූ බිම් ඇති නිසාවෙන් ඇතැම්හු මෙය “බටදඬු කන්ද

සුන්දර බේරුවල......

සුන්දර බේරුවල...... ක්ෂිතිජඉමෙන් මෝදුවන රන්වන් හිරුගේ රැස් දහරින් නීලවර්ණ ජලතලය දිලෙයි.  විටෙක සුදෝ සුදු දසන් පෙන්වා සිනාසෙන ඇය, තවත් විටෙක තම දෑත් දිගු කරමින් වැළදගන්නට උත්සාහ කරනුයේ තම හිමි සඳුට විය නොහැක්කේ ද?  රහල් හිමිගේ සමුදුරු වර්ණනාවෝ යථාර්ථයක් බවට පත් කරමින් අප නෙතු  අද්දර සිත්තම්වන මේ චමත්කාරජනක සිතුවම අකුරු කරන්නට නම් ඉමහත්  වෙහෙසක් දැරිය යුතු බව හැගෙයි. පරිසරය එතරම් නෙත සිත වශී කරගන්නට  සමත් වෙයි. දිගු රැයක අවසානයේ තම සටනින් ජය ද පරාජය ද සම සිතින් දරා ගනිමින්  නිවස්න කරා ඇදී එන්නා වූ සැමියාගේ රුව දකිනු රිසියෙන් පොල් රුප්පාවේ  සෙවණකට වී බලා සිටින්නා වූ බිරින්දෑවරුන් ද බඩවියත සරිකරගනු වස්  ජීවිකාව පිණිස කූඩා අතැතිව බලා සිටින්නා වූ ළදුන් ද මෙහි දැකිය හැකිය.  කෙමෙන් කෙමෙන් හිරු දිනයක ඇරඹීම සනිටුහන් කරන විට දී සිහිල් මද  පවනක පහස විඳිනු රිසියෙන් සුසුනිඳු වැලි තලාවේ වැතිර හිරු කිරණින් ගත  සරසනු රිසියෙන් හෝ සිසිල් සමුදුරු දියණියගේ සෙනෙහසින් පිරි ජල තලයේ  කිමිද ජලකෙළියෙ හි නිරතවනු රිසිව හෝ මෙහි යනෙනවුන් බොහෝමයකි. ඔවුහු  මේ බිමට ආගන්තුකයෝ වෙති. එහෙත් මේ සොබා සිරිය දැක්ම

තන්තෝන්රිඊශ්වරන් කෝවිල

  තන්තෝන්රිඊශ්වරන් කෝවිල දිස්ත්‍රික්කය :- මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කොට්ඨාශය :- පට්ටිපාලෙයි දිස්ත්‍රික් ලේකම් කොට්ඨාශය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය :- මන්මුණේ   නිරිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ගමන් මග :- මඩකලපුව-කල්ලඩි-නාවල්කුඩා-කාත්තන්කුඩි - අරයම්පති - පුදුවන්කරෙයි වෙත පිවිස පාලම් පාරුව උපයෝගී කොටගෙන කලපුව   තරණය කිරීමෙන් පසුව මන්මුණේ බටහිර ඉවුරේ සිට මීටර 300ක් පමණ බටහිර දෙසට රට තුළට ගමන් කිරීම නාදස්වරම් හඩිනුත්, තවිල් බෙරයේ හිත සලිත කරවන හඩිනුත්, කෝවිල් බිම ප්‍රාණවත්ය. බැතිබර හද මඩල දෑසින් දක්වන්නට තරම් ධාර්මික බැතිමතුන් කෝවිල් බිම වාඩි ගෙන හිමින් යමක් මුමුණන්නට වූහ. උස් හඩින් ඇසෙනා සංගීතය, තද වර්ණයෙන් සැරසුණු සෙනග සහ නොනවත්වා නාද වෙන සීනු නාදය මැද වුවත් හිතට දැනෙන්නට වූයේ මහා සැනසීමකි. දෑස් වසාගෙන භක්තියේ කිමිද, ජීවිතයේ දුක් ගොන්න මදකට බිමින් තබන්නට විශ්වාසයෙන් යුතුව හෙටක් ගැන ප්‍රාර්ථනා කරන්නට මමද මගේ ජීවිතයට මොහොතකට ඉඩ ලබා දුන්නෙමි. රත්වූ වැලි කැට මතින් මා නිරුවත් පය තැබුවේ හිතේ කිසිදු කහටක් නොමැතිවය. පීදෙමින් එන ගොයම හා තුරුහිස් පිස හමා එන මද වියළි සුළගට මුසුවන සියුම් දුහු

මඩකලපුවේ බර්ගර්වරු

මඩකලපුවේ බර්ගර්වරු මඩකලපුව නගරයේ සිට නව කල්ලඩි පාලම ( New Kallady Bridge ), උප්පොඩි ( Uppody ), තිරුචෙන්දූර්( Thiruchenthur ), කල්ලඩි( Kallady ), මුගාවතුරම් ( Mugawathuram ) යන ප්‍රදේශ ඔස්සේ කිලෝ මීටර තුනක් පමණ ගමන් කළ විට හමුවන ලන්දේසි කපොල්ල ( Dutch Bar ) නම් වන මුහුදු තීරය හා බැදුණු බිම් කඩ මෙරට වෙසෙන බර්ගර් ජනයාගෙන් වැඩි කොටසකගේ වාසභූමිය යැයි සැලකෙයි. ඡායාරූපය: අන්තර්ජාලයෙනි ශ්‍රී ලාංකීය ජන සංයුතියේ සුළු ජන කොටසක් ලෙසින් සැලකෙන බර්ගර්වරුන් සංඛ්‍යාත්මකව ගත් කළ මුළු ජන සංඛ්‍යාවෙන් 0.3% ක් තරම් වූ සුළු ප්‍රමාණයක් නියෝජනය කරන බව 1981 දී අවසන් වරට මෙරට සිදු කළ ජන සංගණනය කිරීම් වල දක්වා ඇත. එහෙත් අද වන විට එය 0.2% ක් බව දත්ත වාර්තා වල සටහන්ව ඇත. ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර වර්ගවාදී අර්බුදයට මෙන්ම 2004 සුනාමි ව්‍යසයනයටද ගොදුරු වූ මේ ජන කොටස කිසිවෙකුගේ අවධානයට පාත්‍ර නොවන්නේ නමුදු ඔවුනටම ආවේණික වූ යුරේසියානු සංස්කෘතිය රැක ගනිමින් ජීවත් වන්නාහ. බර්ගර්වරුන්ගේ සම්භවය සිදුවන්නේ දහසය වැනි හා දහහත්වැනි ශත වර්ෂයන්හි මෙරටට පැමිණෙන පෘතුගීසි හා ලන්දේසි ජාතිකයන්ගෙන් බව පැවසෙයි. ඒ අනුව පෘතුගිසි බ

නිල් වෙරළු සොයන මගක ඇවිද යමු ....

නිල් වෙරළු සොයන මගක ඇවිද යමු .... පළාත - මධ්‍යම දිස්ත්‍රික්කය - මාතලේ ගමන් මාර්ගය - මාතලේ කූඹියන්ගොඩ පාර ඔස්සේ මාතලේ නගරයට පිවිස හිග්ගොල්ල පාරේ මීටර 500ක් පමණ ඉදිරියට ගිය විට උද්‍යානයට පිවිසිය හැකිය උදෑසන හිරු රැසින් බැබළීගත් කුඩා පිණි බිදු එකිනෙකා පරයා වර්ණ සිත්තම් මවන්නේ නිල් පහැ තණ පළස මත වැතිර ගත් රෝස හා සුදු පැහැ මල් කුමරියන්ගේ විදාගත් පෙති හැඩ කරමිනි. රන්වන් පැහැ ගත් සේලයකින් හා රන් අභරණින් හැඩ වී තම ස්වාමියා සමග ඇවිද යන මේ යුවළ තම ජිවි‍තයේ සිහින සිත්තම් කරන්නට තැත් කරන අයුරු පෙනෙයි. විල්ෂෙයා කදු පන්තිය පාමුල මේ බිම් පෙදෙස වසාගත් මිහිදුම් සේලය තවත් නොබෝ වේලාවකින් ඉවත්ව යනු ඇත. කලබලකාරී දවසක ඇරඹහමා යන සිතල නැවුම් මද නල ගත සිත ප්‍රබෝධයෙන් පුරවයි.   අක්කර දහඅටක වපසරියක් පුරා විහිදුණු, මාතලේ තනායමට හා කිතුණු දේවස්ථානයටත් , තවත් පසෙකින් විජය විද්‍යාලයටත් මායිම්ව පිහිටා ඇති රමණීය භූමියක මෙම උද්‍යානය නිර්මිතය. මාතලේ හිටපු මන්ත්‍රීවරයෙකු හා මාතලේ විජය විදුහලේ විදුහල්පති ධුරය දැරූ වී.ටී.නානායක්කාර මහතා නමින් මෙම උද්‍යානය නම් කර ඇත.‍ ඓතිහාසික මාතලේ කැරැල්ලට සම්බන්ධ