Skip to main content

Posts

Showing posts from 2014

මල් ලොව රැජිණ : උඩවැඩියා

මල් ලොව රැජිණ : උඩවැඩියා  පළාත - මධ්‍යම දිස්ත්‍රික්කය - මහනුවර ගමන් මාර්ගය -   කොළඹ- නුවර මහාමාර්ගය ඔස්සේ  කිලෝමීටර 110 ක දුරින්  කොළඹ -නුවර දුම්රිය මාර්ගයේ සරසවි උයන දුම්රිය පොළ‍ සිට බසයකින් හෝ කුලී රියකින් ළගා විය හැකිය විශේෂත්වය - මල් ලොව රැජිණ ලෙසින් විරුදාවලිය ලත් උඩවැඩියා හෙවත් ඕකිඩ් මල් වෙනුවෙන්ම වෙන් කළ නිවහනකි කොළඹ නුවර මාර්ගය ඔස්සේ මෙහි ඇදෙන අයවලුන් මල් ලොව විසිතුරු බලන්නට පෙළගැසෙති. තුරු ලොව විසිතුරු දකින්නට අසා කරති. ඒ මල් ලොව තුළ මල් ලෝකයේ රැජිණ ලෙසින් දිදුලන්නාවූ ඕකිඩ් මල් කුමරියන්ගේ විසිතුරු දකින්නට නෙතු නොඉවසිලිමත්ය. නෙක පැහැ දේදුනු වර්ණයන්ගෙන් හැඩ වන මේ කුමරියන්ගේ රුව දකින්නට අපද පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ “ඕකිඩ් මල් මැදුර” වෙත පිවිසියෙමු. එය නන් පැහැගත් ඕකිඩ් මල් කුමරියන්ටම වෙන් වූ මන්දිරයකි. එහි නොයෙකුත් හැඩ ගත්, විසිතුරු පැහැයෙන් නෙත් සිත් වශිකරවන රැජිණියන් එක් අයෙකුට තවකෙක් පරදින්නට අකැමැති වන්නේ, දිලෙමින් තම වරුණ විදහා පාන්නට උත්සුක වෙති. “උඩවැඩියා” හෙවත් “ ඕකිඩ්” යනුවෙන් හැදින්වෙන මලෙහි අතීතය 19 වැනි ශතවර්ෂය දක්වා ඉතිහාසය දක්ව

පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය

පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය පළාත - මධ්‍යම දිස්ත්‍රික්කය - මහනුවර ගමන් මග - කොළඹ නුවර මාර්ගයේ කිලෝමීටර 110ක පමණ දුරකින් පිහිටා ඇති පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය සුවිශේෂත්වය -   ශාක වල නිවැරදි උද්භිද විද්‍යාත්මක නාමය නිල වශයෙන් හදුන්වා දීමේ වගකීම දරනු ලබන ශ්‍රී ලංකාවේ ඇති එකම ප්‍රධාන රාජ්‍ය ආයතනයයි. පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය දෙස් විදෙස් නරඹන්නන්ගේ පාරාදීසයක් මෙන්ම නෙත් සිත් පැහැර ගන්නා ශාක ලොව තුරු විසිතුරු සොයායන මල් හා තුරු ලොවට පෙම් බදින්නන්ගේ පාරාදීසයක්ද වන‍්නේය. ජාතික ශාකාගාරය තුරු ලොව ගවේෂණය කරන්නන්ට දැනුම බෙදා හරින කෞතුක පුස්තකාලයක් ලෙසින් එය හැදින්විය හැකිය. පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ප්‍රධාන පිවිසුම් දොරටුවෙන් ඇතුළුවී දකුණු පසින් ඇති ඔසු ඔයන,ජපන් උද්‍යානය සහ පාම් තුරු වලින් පිරි මාවත පසුකර ඉදිරියට යන අපට උද්‍යානයේ බටහිර පෙදෙසේ ඇති සුදුපිරියම් කරන ලද දෙමහල් ගොඩනැගිල්ලකි. බ්‍රිතාන්‍ය සමයේදී ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ලෙහි වර්තමානයේ ජාතික ශාකාගාරය ( National Herbarium ) පිහිටුවා ඇත. ලංකාවේ නන් දෙසින් එක් රැස්කරගත් ශාක වල මුල්, පොතු, කොළ, ග

සීගිරි මතක රැස් කළ සෙවණ

සීගිරි මතක රැස් කළ සෙවණ පළාත - මධ්‍යම දිස්ත්‍රික්කය   - මාතලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය - දඹුල්ල ගමන් මාර්ගය -     කොළඹ - මහනුවර- මාතලේ - දඹුල්ල - සීගිරිය පුරා විද්‍යා භූමිය ජාතියක් සතු ප්‍රෞඪ අතීතයේ අභිමානය වත්මන් පරපුරට කියා‍ දෙන්නටත් අනාගත පරපුරට උරුම කර දෙන්නටත් සැකසුණු අපූර්ව ගෘහයකි. එහි සීගිරි කසුප් ස්වර්ණමය යුගය පිළිබදව “අ” යනු “ආ” යනු අකුරු කරන්නට ඇති තරම් සාක්ෂි අපට දැක ගත හැකි වන්නේය. ලෝක උරුම නගරයක් ලෙසින් ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත්වූ සීගිරියට පිහිටුවන ලද “සීගිරිය කෞතුකාගාරය” අතීත ලාංකේය ශ්‍රී විභූතිය ලාංකේය මතු පරපුරට මෙන්ම ‍විදෙස් රටවලටද විදහා පාන තෝතැන්නකි. සීගිරිය හා ඒ අවට සිදුකරන ලද කැණීම්වලින් වසර දස දහසකටත් වඩා පැරණි නිමැවුම්, උපකරණ හා බෞද්ධාගමික පිළිරූ ආදී පුරා වස්තු රැසක් සොයා ගැනීමට අපට හැකිව තිබුණද ඒවා නිසි ආකාරයෙන් සංරක්ෂණය කිරීමට පැවැති අවශ්‍යතාව සම්පූර්ණ කිරිම සදහා සීගිරිය පුරාවිද්‍යා   කෞතුකාගාරය සැලසුම් කෙරුණේ 2006 වසරේදීය. මේ සදහා මූල්‍ය මය ආධාර සපයන ලද්දේ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා පදනම මගිනි. ඒ අනුව සිගිරිය කෞතුකාගාරය ජපන් - ලංක

තුඩපත් අතීතයෙන් බිඳක්

තුඩපත් අතීතයෙන් බිඳක්  පළාත - මධ්‍යම දිස්ත්‍රික්කය - මාතලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය - දඹුල්ල ගමන් මග - (ඒ 9 මාර්ගය) කොළඹ - මහනුවර - මාතලේ- දඹුල්ල - සීගිරිය - කුඹුක්කදන්වෙල ඒ 9 මාර්ගයේ දඹුල්ල පසු කොට සීගිරය නගරයේ සිට කිලෝ මීටර 8ක් පමණ දුරින් එරවලගල කදුවැටිය පාමුල පිහිටා ඇති පැරණි නටඹුන් සහිත ගම්මානයකි. නිල්ල පිරුණු කෙත්වතු වලින් හා එළවළු කොරටු වලින් සැදුම්ලත් මේ සුන්දර ගම්මානයේ ඉතිහාස කතාව වළගම්බා රජ සමය දක්වා අතීතයට නෑකම් කියයි. කුඹුක් ගසින් පිරී ගිය වනාන්තර වලින් ගහන වූ මේ ප්‍රදේශයේ තිබූ රූස්ස කුඹුක් ගස් “කුහරයක්” හෙවත් “වලකට” ඇද වැටීම හේතුවෙන් “කුඹුක් කදන් වැටුණු වල” පසුකාලීනව “කුඹුක්කදන්වෙල” බවට පත්වී තිබේ. මෙම ග්‍රාමයෙහි පිහිටා ඇති කළු දිය පොකුණ නමින් ප්‍රසිද්ධියට පත් මේ පුරාවිද්‍යාත්මක භූමියට නම ලැබී ඇත්තේ එහි ඇති කළු පාට මඩ වතුර පිරි පොකුණ නිසාවෙනි. මෙම ග්‍රාමයෙහි මුල් උරුමකරුවන් වැදි ජනයා වන අතර පසු කාලීනව වළගම්බා රජු සමයේදී රජුට සතුරන්ගෙන් සැගවී සිටින්නට මෙන්ම රජ දරුවන්ගේ වස්තුව සගවා තබන්නට මේ ප්‍රදේශය උපයෝගී කරගත් බව පැවසෙයි. ඉංග්‍රිසි සමයේදී පනතපල්ලේ

සිරිපා වඳිමු මේ සීතල හීමේ ......

 සිරිපා වඳිමු මේ සීතල හීමේ ...... පළාත් :- මධ්‍යම හා සබරගමු පළාත දිස්ත්‍රික්ක :- නුවරඑළිය හා රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්කයන් ගමන් මග :- හැටන් - දික්ඔය- නෝර්වුඩ් - මස්කෙළිය - මාවුස්සාකැලේ - නල්ලතන්නිය (හැටන් සිට කිලෝ මීටර 32ක් දුර) නල්ලතන්නිය සිට සමනොළ කදු මුදුන දක්වා (කිලෝ මිටර 6 ක් පමණ දුර)   සිරිපා වන්දනා කරන්නට අපට ඇති මාර්ග කිහිපයකි. ඒ අතරින් හැටන් - නල්ලතන්නි මාර්ගය කෙටිම හා පහසුම මාර්ගය ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත. හැටන් සිට නල්ලතන්නිය දක්වා වන්දනාකරුවන්ටම විශේෂිත වූ ප්‍රවාහන සේවයක් හැටන් දුම්රිය ස්ථානයේ සිට මෙන්ම බස්නැවතුම්පොළෙහි සිට ද නල්ලතන්නිය දක්වා ක්‍රියාත්මක වෙයි. හැටන් නගරය සිරිපා සමයේදී කාර්යබහුල නගරයකි. ලංකාවේ නන් දෙසින් ඇදී එන බොදු, කිතුනු, මුස්ලිම් මෙන්ම හින්දු භක්තියකයෝද සමනළ කන්ද තරණය කරන්නේ හද පිරි බැති සිතිනි. බුදුරදුන්ගේ බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයෙහි වෙසක් පුන් පොහෝ දින සුමන සමන් දෙවි ආරාධනයෙන් සමනල කන්දට වැඩ එහි ඉන්ද්‍රනීල මාණික්‍ය මතුයෙහි බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල පිහිට වූ බව බොදුනු විශ්වාසයයි. එහෙයිනි මේ ගිරි හිස “ශ්‍රී පාද කන්ද” නැතහොත් “සිරිපාද කන

සමන් දෙවි යනෙන මග රැඳෙනා දෙවොල

සමන් දෙවි යනෙන මග රැඳෙනා දෙවොල පළාත - මධ්‍යම දිස්ත්‍රික්කය - නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය -   අඹගමුව ගමන් මග -   හැටන් - මස්කෙළිය - මාවුස්සා‍කැලේ සිට නල්ලතන්නිය මාර්ගය හැටන් - නෝටන් බ්‍රිජ් - මාවුස්සාකැලේ හරහා නල්ලතන්නිය මාර්ගය      “ශ්‍රී සිද්ධ බල ඇති සමන්ත කූඨ පර්වතයේ වැඩ වසන සුදු ඇත් වාහනයකින් ගමන් යන ශ්‍රී පාද පද්මයට අරක් ගෙන එය ආරක්ෂා කරන මහාධීර විර තේජාන්විත සුමන සමන් දිව්‍ය රාජෝත්මයාණන් වහන්‍ස.....” සමන් දෙවියන් වෙනුවෙන් කෙරෙන ආයාචනයක් ඉදිරිපත් කරන්නට සුදෝ සුදු පැහැවතින් සැරසීගත් කපු මහතාගේ ගැඹුරු එහෙත් රිද්මයානුකූල හඩින් ඉදිරිපත් කෙරන සමන් දේව වර්ණනාව දේවාල ගෘහයේ නින්නාද දෙයි. හාත්පස පැතිර යන සමන් පිච්ච මල් සුවද හා සුවද දුම් සුවද නිතැතින්ම හද භක්තියෙන් පුරවාලන්නට සමත්වෙයි. බුදුහිමිගේ සිරිපතුල පිහිට වූ සමන්ගිර සමනොළ කන්ද හෙවත් සමන්තකූට යන නම්වලින් ව්‍යවහාරයේ පවතින්නේ එය සමන් දෙවියන්ගේ අඩවිය වශයෙනි. සමනොළ අධිපවති සමන් දෙවියන් බුදුරදුන් ප්‍රථම වරට ලංකාවට වැඩිගමනේදී සෝවාන් ඵලයට පත්වූ දෙවිකෙනෙකි. ලක්දිව දෙවිවරුන් අතර පාරිශුද්ධත්වයෙන් අග්‍ර ස්ථානය