Skip to main content

Posts

වීර පුරන් අප්පු සිහිවටනය

වීර පුරන් අප්පු ස්මාරකය - මාතලේ ගමන් මාර්ගය   -   නුවර - යාපනය - ඒ 9 මාර්ගයේ මාතලේ නගරයේ සිට කොහොඹිලිවල ග්‍රාමය සමීපයේ ඇති පුරාවිදු බිම විශේෂත්වය   -   1848 මාතලේ කැරැල්ලට නායකත්වය ලබා දුන් වීර පුරන් අප්පු සිහිවීම පිණිස ස්ථාපිත කරන ලද්දකි. ඒ එක්දහස් අටසිය හතළිස් අට වර්ෂය යි. සිංහල ජනයා, ඉංග්‍රීසි   පාලනතන්ත්‍රයට සිය අප්‍රසාදය දැක්වීමට ගත් සියලු උත්සාහයන් නිරර්ථක වි තිබූ යුගයක් විය. බදුබරින් නිදහස් වීමට, ජනතා දුක්ගැනවිලි ඉදිරිපත් කරමින් පුරන් අප්පු ඉංග්‍රීසින් සමග මහනුවර කච්චේරීයේ දී හා මගුල් මඩුවේ දී සකච්ඡා කිහිපයක්ම පැවැත්වූ නමුදු ඒවාට සාර්ථක ප්‍රතිඵල නොලැබිණි. බලා සිටීමෙන් පලක් නොවන බව තේරුම්ගත් පුරන් අප්පු ඉංග්‍රීසින් මෙරටින් පන්නා දැමීමට පියවර තබන්නට ඉටා ගත්තේය. කුරුණෑගල, දඹුල්ල, අනුරාධපුරය, මාතලේ වැනි ඉපැරණි යටගියාවක් ඇති නගර, ගම් දනව් හරහා ඔහුගේ දෙපා වෙහෙසුණේය. ජාත්‍යාලයෙන් හද පිරී ගිය, එහෙත් නායකත්වයක් නොමැතිව විසිර සිටි   ජනයා මෙන්ම සංඝයාවහන්සේ ද ශාසනය, රට ආරක්ෂා කිරීමේ අධිෂ්ඨානයෙන් පුරන් අප්පුට සහය දැක්වීමට ප්‍රතිඥා දුන්හ. ඒ...

යටවත්ත ග්‍රාමයේ ප්‍රෞඩත්වය

යටවත්ත ග්‍රාමයේ ප්‍රෞඩත්වය දිස්ත්‍රික්කය -   මාතලේ දිස්ත්‍රික්කය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය   -   යටවත්ත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය ග්‍රාම නිලධාරි කොට්ඨාශය   -   දුල්ලෑව ග්‍රාම නිලධාරී කොට්ඨාශය ගමන් මාර්ගය   -   මාතලේ - මන්දන්ඩාවෙල හරහා කිලෝමීටර 10 ක පමණ දුරකින් පිහිටා ඇත විශේෂත්වය    - විසිවැනි සියවසේ ලාංකීය දේශපාලන ඉතිහාසයේ මෙරට අවසන් හා ප්‍රථම බෞද්ධ අග්‍රාණ්ඩුකාරවරයා හා ප්‍රථම ජනාධිපතිවරයා වු විලියම් ගොපල්ලව මහතා‍ උපන් නිවසයි මාතලේ අස්ගිරි උඩසිය පත්තුවේ, දුල්ලෑව නම් ග්‍රාමයේ දී ගොකරැල්ලේ ටිකිරි බණ්ඩාර ගොපල්ලව මහතාට සහ දුල්ලෑව ග්‍රාමයේ ටිකිරි කුමාරිහාමි දුල්ලෑව මහත්මියට දාව විලියම් ගොපල්ලව ළදරුවා 1896 සැප්තැම්බර් 17 වැනි දින මෙලොව උපත ලැබීය. ඒ දුල්ලෑව වලව්වේ දී ය. නිහඩ නිසංසල පරිසරයක පිහිටි මේ මහ වලව්ව එදා පටන් විලියම් ගොපල්ලව හෙවත් මෙරට ප්‍රථම බෞද්ධ අග්‍රාණ්ඩුකාරවරයාගේ මෙන්ම මෙරට ප්‍රථම නාමික නොවන විධායක ජනපතිවරයාට හැදී වැඩෙන්නට සෙවණ දුන් නිවස වීය.   දුල්ලෑව ග්‍රාමයෙහි තම ළමා කාලය කෙළිදෙලෙන් ගෙවන්නට විලියම් ගොප...

මල් ලොව රැජිණ : උඩවැඩියා

මල් ලොව රැජිණ : උඩවැඩියා  පළාත - මධ්‍යම දිස්ත්‍රික්කය - මහනුවර ගමන් මාර්ගය -   කොළඹ- නුවර මහාමාර්ගය ඔස්සේ  කිලෝමීටර 110 ක දුරින්  කොළඹ -නුවර දුම්රිය මාර්ගයේ සරසවි උයන දුම්රිය පොළ‍ සිට බසයකින් හෝ කුලී රියකින් ළගා විය හැකිය විශේෂත්වය - මල් ලොව රැජිණ ලෙසින් විරුදාවලිය ලත් උඩවැඩියා හෙවත් ඕකිඩ් මල් වෙනුවෙන්ම වෙන් කළ නිවහනකි කොළඹ නුවර මාර්ගය ඔස්සේ මෙහි ඇදෙන අයවලුන් මල් ලොව විසිතුරු බලන්නට පෙළගැසෙති. තුරු ලොව විසිතුරු දකින්නට අසා කරති. ඒ මල් ලොව තුළ මල් ලෝකයේ රැජිණ ලෙසින් දිදුලන්නාවූ ඕකිඩ් මල් කුමරියන්ගේ විසිතුරු දකින්නට නෙතු නොඉවසිලිමත්ය. නෙක පැහැ දේදුනු වර්ණයන්ගෙන් හැඩ වන මේ කුමරියන්ගේ රුව දකින්නට අපද පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ “ඕකිඩ් මල් මැදුර” වෙත පිවිසියෙමු. එය නන් පැහැගත් ඕකිඩ් මල් කුමරියන්ටම වෙන් වූ මන්දිරයකි. එහි නොයෙකුත් හැඩ ගත්, විසිතුරු පැහැයෙන් නෙත් සිත් වශිකරවන රැජිණියන් එක් අයෙකුට තවකෙක් පරදින්නට අකැමැති වන්නේ, දිලෙමින් තම වරුණ විදහා පාන්නට උත්සුක වෙති. “උඩවැඩියා” හෙවත් “ ඕකිඩ්” යනුවෙන් හැදින්වෙන මලෙහි අතීතය 19 වැනි ශතවර්ෂය...

පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය

පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය පළාත - මධ්‍යම දිස්ත්‍රික්කය - මහනුවර ගමන් මග - කොළඹ නුවර මාර්ගයේ කිලෝමීටර 110ක පමණ දුරකින් පිහිටා ඇති පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය සුවිශේෂත්වය -   ශාක වල නිවැරදි උද්භිද විද්‍යාත්මක නාමය නිල වශයෙන් හදුන්වා දීමේ වගකීම දරනු ලබන ශ්‍රී ලංකාවේ ඇති එකම ප්‍රධාන රාජ්‍ය ආයතනයයි. පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය දෙස් විදෙස් නරඹන්නන්ගේ පාරාදීසයක් මෙන්ම නෙත් සිත් පැහැර ගන්නා ශාක ලොව තුරු විසිතුරු සොයායන මල් හා තුරු ලොවට පෙම් බදින්නන්ගේ පාරාදීසයක්ද වන‍්නේය. ජාතික ශාකාගාරය තුරු ලොව ගවේෂණය කරන්නන්ට දැනුම බෙදා හරින කෞතුක පුස්තකාලයක් ලෙසින් එය හැදින්විය හැකිය. පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ප්‍රධාන පිවිසුම් දොරටුවෙන් ඇතුළුවී දකුණු පසින් ඇති ඔසු ඔයන,ජපන් උද්‍යානය සහ පාම් තුරු වලින් පිරි මාවත පසුකර ඉදිරියට යන අපට උද්‍යානයේ බටහිර පෙදෙසේ ඇති සුදුපිරියම් කරන ලද දෙමහල් ගොඩනැගිල්ලකි. බ්‍රිතාන්‍ය සමයේදී ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ලෙහි වර්තමානයේ ජාතික ශාකාගාරය ( National Herbarium ) පිහිටුවා ඇත. ලංකාවේ නන් දෙසින් එක් රැස්කරගත් ශාක වල මුල්, පොතු, කො...

සීගිරි මතක රැස් කළ සෙවණ

සීගිරි මතක රැස් කළ සෙවණ පළාත - මධ්‍යම දිස්ත්‍රික්කය   - මාතලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය - දඹුල්ල ගමන් මාර්ගය -     කොළඹ - මහනුවර- මාතලේ - දඹුල්ල - සීගිරිය පුරා විද්‍යා භූමිය ජාතියක් සතු ප්‍රෞඪ අතීතයේ අභිමානය වත්මන් පරපුරට කියා‍ දෙන්නටත් අනාගත පරපුරට උරුම කර දෙන්නටත් සැකසුණු අපූර්ව ගෘහයකි. එහි සීගිරි කසුප් ස්වර්ණමය යුගය පිළිබදව “අ” යනු “ආ” යනු අකුරු කරන්නට ඇති තරම් සාක්ෂි අපට දැක ගත හැකි වන්නේය. ලෝක උරුම නගරයක් ලෙසින් ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත්වූ සීගිරියට පිහිටුවන ලද “සීගිරිය කෞතුකාගාරය” අතීත ලාංකේය ශ්‍රී විභූතිය ලාංකේය මතු පරපුරට මෙන්ම ‍විදෙස් රටවලටද විදහා පාන තෝතැන්නකි. සීගිරිය හා ඒ අවට සිදුකරන ලද කැණීම්වලින් වසර දස දහසකටත් වඩා පැරණි නිමැවුම්, උපකරණ හා බෞද්ධාගමික පිළිරූ ආදී පුරා වස්තු රැසක් සොයා ගැනීමට අපට හැකිව තිබුණද ඒවා නිසි ආකාරයෙන් සංරක්ෂණය කිරීමට පැවැති අවශ්‍යතාව සම්පූර්ණ කිරිම සදහා සීගිරිය පුරාවිද්‍යා   කෞතුකාගාරය සැලසුම් කෙරුණේ 2006 වසරේදීය. මේ සදහා මූල්‍ය මය ආධාර සපයන ලද්දේ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා පදනම මගිනි. ඒ අනුව සිගිර...

තුඩපත් අතීතයෙන් බිඳක්

තුඩපත් අතීතයෙන් බිඳක්  පළාත - මධ්‍යම දිස්ත්‍රික්කය - මාතලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය - දඹුල්ල ගමන් මග - (ඒ 9 මාර්ගය) කොළඹ - මහනුවර - මාතලේ- දඹුල්ල - සීගිරිය - කුඹුක්කදන්වෙල ඒ 9 මාර්ගයේ දඹුල්ල පසු කොට සීගිරය නගරයේ සිට කිලෝ මීටර 8ක් පමණ දුරින් එරවලගල කදුවැටිය පාමුල පිහිටා ඇති පැරණි නටඹුන් සහිත ගම්මානයකි. නිල්ල පිරුණු කෙත්වතු වලින් හා එළවළු කොරටු වලින් සැදුම්ලත් මේ සුන්දර ගම්මානයේ ඉතිහාස කතාව වළගම්බා රජ සමය දක්වා අතීතයට නෑකම් කියයි. කුඹුක් ගසින් පිරී ගිය වනාන්තර වලින් ගහන වූ මේ ප්‍රදේශයේ තිබූ රූස්ස කුඹුක් ගස් “කුහරයක්” හෙවත් “වලකට” ඇද වැටීම හේතුවෙන් “කුඹුක් කදන් වැටුණු වල” පසුකාලීනව “කුඹුක්කදන්වෙල” බවට පත්වී තිබේ. මෙම ග්‍රාමයෙහි පිහිටා ඇති කළු දිය පොකුණ නමින් ප්‍රසිද්ධියට පත් මේ පුරාවිද්‍යාත්මක භූමියට නම ලැබී ඇත්තේ එහි ඇති කළු පාට මඩ වතුර පිරි පොකුණ නිසාවෙනි. මෙම ග්‍රාමයෙහි මුල් උරුමකරුවන් වැදි ජනයා වන අතර පසු කාලීනව වළගම්බා රජු සමයේදී රජුට සතුරන්ගෙන් සැගවී සිටින්නට මෙන්ම රජ දරුවන්ගේ වස්තුව සගවා තබන්නට මේ ප්‍රදේශය උපයෝගී කරගත් බව පැවසෙයි. ඉංග්‍රිසි සමයේදී පනතප...