Skip to main content

Posts

සීගිරි මතක රැස් කළ සෙවණ

සීගිරි මතක රැස් කළ සෙවණ පළාත - මධ්‍යම දිස්ත්‍රික්කය   - මාතලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය - දඹුල්ල ගමන් මාර්ගය -     කොළඹ - මහනුවර- මාතලේ - දඹුල්ල - සීගිරිය පුරා විද්‍යා භූමිය ජාතියක් සතු ප්‍රෞඪ අතීතයේ අභිමානය වත්මන් පරපුරට කියා‍ දෙන්නටත් අනාගත පරපුරට උරුම කර දෙන්නටත් සැකසුණු අපූර්ව ගෘහයකි. එහි සීගිරි කසුප් ස්වර්ණමය යුගය පිළිබදව “අ” යනු “ආ” යනු අකුරු කරන්නට ඇති තරම් සාක්ෂි අපට දැක ගත හැකි වන්නේය. ලෝක උරුම නගරයක් ලෙසින් ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත්වූ සීගිරියට පිහිටුවන ලද “සීගිරිය කෞතුකාගාරය” අතීත ලාංකේය ශ්‍රී විභූතිය ලාංකේය මතු පරපුරට මෙන්ම ‍විදෙස් රටවලටද විදහා පාන තෝතැන්නකි. සීගිරිය හා ඒ අවට සිදුකරන ලද කැණීම්වලින් වසර දස දහසකටත් වඩා පැරණි නිමැවුම්, උපකරණ හා බෞද්ධාගමික පිළිරූ ආදී පුරා වස්තු රැසක් සොයා ගැනීමට අපට හැකිව තිබුණද ඒවා නිසි ආකාරයෙන් සංරක්ෂණය කිරීමට පැවැති අවශ්‍යතාව සම්පූර්ණ කිරිම සදහා සීගිරිය පුරාවිද්‍යා   කෞතුකාගාරය සැලසුම් කෙරුණේ 2006 වසරේදීය. මේ සදහා මූල්‍ය මය ආධාර සපයන ලද්දේ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා පදනම මගිනි. ඒ අනුව සිගිර...

තුඩපත් අතීතයෙන් බිඳක්

තුඩපත් අතීතයෙන් බිඳක්  පළාත - මධ්‍යම දිස්ත්‍රික්කය - මාතලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය - දඹුල්ල ගමන් මග - (ඒ 9 මාර්ගය) කොළඹ - මහනුවර - මාතලේ- දඹුල්ල - සීගිරිය - කුඹුක්කදන්වෙල ඒ 9 මාර්ගයේ දඹුල්ල පසු කොට සීගිරය නගරයේ සිට කිලෝ මීටර 8ක් පමණ දුරින් එරවලගල කදුවැටිය පාමුල පිහිටා ඇති පැරණි නටඹුන් සහිත ගම්මානයකි. නිල්ල පිරුණු කෙත්වතු වලින් හා එළවළු කොරටු වලින් සැදුම්ලත් මේ සුන්දර ගම්මානයේ ඉතිහාස කතාව වළගම්බා රජ සමය දක්වා අතීතයට නෑකම් කියයි. කුඹුක් ගසින් පිරී ගිය වනාන්තර වලින් ගහන වූ මේ ප්‍රදේශයේ තිබූ රූස්ස කුඹුක් ගස් “කුහරයක්” හෙවත් “වලකට” ඇද වැටීම හේතුවෙන් “කුඹුක් කදන් වැටුණු වල” පසුකාලීනව “කුඹුක්කදන්වෙල” බවට පත්වී තිබේ. මෙම ග්‍රාමයෙහි පිහිටා ඇති කළු දිය පොකුණ නමින් ප්‍රසිද්ධියට පත් මේ පුරාවිද්‍යාත්මක භූමියට නම ලැබී ඇත්තේ එහි ඇති කළු පාට මඩ වතුර පිරි පොකුණ නිසාවෙනි. මෙම ග්‍රාමයෙහි මුල් උරුමකරුවන් වැදි ජනයා වන අතර පසු කාලීනව වළගම්බා රජු සමයේදී රජුට සතුරන්ගෙන් සැගවී සිටින්නට මෙන්ම රජ දරුවන්ගේ වස්තුව සගවා තබන්නට මේ ප්‍රදේශය උපයෝගී කරගත් බව පැවසෙයි. ඉංග්‍රිසි සමයේදී පනතප...

සිරිපා වඳිමු මේ සීතල හීමේ ......

 සිරිපා වඳිමු මේ සීතල හීමේ ...... පළාත් :- මධ්‍යම හා සබරගමු පළාත දිස්ත්‍රික්ක :- නුවරඑළිය හා රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්කයන් ගමන් මග :- හැටන් - දික්ඔය- නෝර්වුඩ් - මස්කෙළිය - මාවුස්සාකැලේ - නල්ලතන්නිය (හැටන් සිට කිලෝ මීටර 32ක් දුර) නල්ලතන්නිය සිට සමනොළ කදු මුදුන දක්වා (කිලෝ මිටර 6 ක් පමණ දුර)   සිරිපා වන්දනා කරන්නට අපට ඇති මාර්ග කිහිපයකි. ඒ අතරින් හැටන් - නල්ලතන්නි මාර්ගය කෙටිම හා පහසුම මාර්ගය ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත. හැටන් සිට නල්ලතන්නිය දක්වා වන්දනාකරුවන්ටම විශේෂිත වූ ප්‍රවාහන සේවයක් හැටන් දුම්රිය ස්ථානයේ සිට මෙන්ම බස්නැවතුම්පොළෙහි සිට ද නල්ලතන්නිය දක්වා ක්‍රියාත්මක වෙයි. හැටන් නගරය සිරිපා සමයේදී කාර්යබහුල නගරයකි. ලංකාවේ නන් දෙසින් ඇදී එන බොදු, කිතුනු, මුස්ලිම් මෙන්ම හින්දු භක්තියකයෝද සමනළ කන්ද තරණය කරන්නේ හද පිරි බැති සිතිනි. බුදුරදුන්ගේ බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයෙහි වෙසක් පුන් පොහෝ දින සුමන සමන් දෙවි ආරාධනයෙන් සමනල කන්දට වැඩ එහි ඉන්ද්‍රනීල මාණික්‍ය මතුයෙහි බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල පිහිට වූ බව බොදුනු විශ්වාසයයි. එහෙයිනි මේ ගිරි හිස “ශ්‍රී පාද කන්ද” නැතහොත් “ස...

සමන් දෙවි යනෙන මග රැඳෙනා දෙවොල

සමන් දෙවි යනෙන මග රැඳෙනා දෙවොල පළාත - මධ්‍යම දිස්ත්‍රික්කය - නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය -   අඹගමුව ගමන් මග -   හැටන් - මස්කෙළිය - මාවුස්සා‍කැලේ සිට නල්ලතන්නිය මාර්ගය හැටන් - නෝටන් බ්‍රිජ් - මාවුස්සාකැලේ හරහා නල්ලතන්නිය මාර්ගය      “ශ්‍රී සිද්ධ බල ඇති සමන්ත කූඨ පර්වතයේ වැඩ වසන සුදු ඇත් වාහනයකින් ගමන් යන ශ්‍රී පාද පද්මයට අරක් ගෙන එය ආරක්ෂා කරන මහාධීර විර තේජාන්විත සුමන සමන් දිව්‍ය රාජෝත්මයාණන් වහන්‍ස.....” සමන් දෙවියන් වෙනුවෙන් කෙරෙන ආයාචනයක් ඉදිරිපත් කරන්නට සුදෝ සුදු පැහැවතින් සැරසීගත් කපු මහතාගේ ගැඹුරු එහෙත් රිද්මයානුකූල හඩින් ඉදිරිපත් කෙරන සමන් දේව වර්ණනාව දේවාල ගෘහයේ නින්නාද දෙයි. හාත්පස පැතිර යන සමන් පිච්ච මල් සුවද හා සුවද දුම් සුවද නිතැතින්ම හද භක්තියෙන් පුරවාලන්නට සමත්වෙයි. බුදුහිමිගේ සිරිපතුල පිහිට වූ සමන්ගිර සමනොළ කන්ද හෙවත් සමන්තකූට යන නම්වලින් ව්‍යවහාරයේ පවතින්නේ එය සමන් දෙවියන්ගේ අඩවිය වශයෙනි. සමනොළ අධිපවති සමන් දෙවියන් බුදුරදුන් ප්‍රථම වරට ලංකාවට වැඩිගමනේදී සෝවාන් ඵලයට පත්වූ දෙවිකෙනෙකි. ලක්දිව දෙවිවරුන් අතර පාරිශු...

සීතලේ පියවර තබන්නී ඇය .........

සීතලේ පියවර තබන්නී ඇය ......... තම ගමනාන්තය වෙත පියවර මනින්නට නොඉවසිලිමත්ව තම කළමනා අතැතිව බලා සිටින අයවලුන් තවත් මොහොතකින් උඩරට මැණිකේ දුම්රියට ගොඩවන්නේ තමන්ට හිමි අසුනක් සොයා ගැනීමේ අභිලා‍ෂයෙනි. තවත් සමහරෙක් ස්ව-කැමැත්තෙන්ම තම අසුන කරගන්නේ පා පුවරුවයි. එතරමටම දුම්රිය ගමන විනෝදාත්මක, අධ්‍යාපනික එකක් මෙන්ම පර්යේෂණාත්මක එකක් වන නිසාවෙන් බව කිවයුතු මනාය. තම ගමනාන්තයට ළඟා වූ පසුව තුති පිදුමකින් තොරවම ඔවුහු ඇය අතැර යයි. එහෙත් ඇය ඒ කිසිවක් ගැන මායිම් නොකරන්නීය. සෑම දිනකම ඇය කොළොම්තොට සිට බදුල්ල බලා ඇදෙන උඩරට මැණිකේ හා එක්ව මමද පිය මනින්නට සූදානම් වූයෙමි.  කොළොම්තොට සිට දුරු කතර ගෙවා අසිරිමත් කඳුරට නවාතැන්පොළවෙත යන්නට ඇය ලහිලහියේම සූදානම් වන්නීය. සුන්දරත්වයෙන් අනූන රූ සිත්තම් අතර ලැගුම් ගන්නට අවැසි අයෙකුට උඩරට දුම්රිය ගමන් මග නොමැකෙන මතක සටහන් ගොන්නක් එකතු කරන්නට සමත් වෙයි. පොඩිමැණිකේ, උඩරට මැ‍ණිකේ මෙන්ම අළුතින්ම උඩරට දුම්රිය ගමන් මගට එක්ව සිටින කොළඹ - නානුඔය දුම්රිය ද දිනපතා ගමන් පහසුකම් සපයයි. දුම්රිය වේදිකා එකොළසකින් සමන්විත කොළඹ කොටුව දුම්රිය ස්ථානය, දුම්රිය ගමන් මගෙ...

මුතුරාජවෙල තෙත්බිම

  රජුට මුතුවැනි සහල් දුන් -  මුතුරාජවෙල  පළාත - බස්නාහිර දිස්ත්‍රික්කය - ගම්පහ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ - ජා ඇළ, වත්තල, මීගමුව, කටාන යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ හතරකට අයත්ය පිහිටීම - උතුරින් මීගමුව කලපුවටත්, දකුණින් කැළණි ග ඟ හා හැ ඳල ප්‍රදේශයටත්, බටහිරන් උස්වැටකෙයියාව හා පමුණුගම වෙරළ තීරයටත්, නැගෙනහිරින් කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයටත් මායිම්ව පිහිටා ඇත. ගමන් මග - 1) කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ දෙල්තුර - ජා ඇළ පාර - පමුණුගම මාවත - බෝපිටිය - වැලිකැටිය - මුතුරාජවෙල පාරිසරික කේන්ද්‍රයට පිවිසීමෙන් මුතුරාජවෙල අභය භූමියට පිවිසිය හැකිය  ( කිලෝමීටර 24 ක් පමණ දුර හා විනාඩි 30 කින් පමණ ළගාවිය හැකිය) 2) මීගමුව නගරයේ සිට පෑලියගොඩ පුත්තලම අධිවේගී මාර්ගය - කටුනායක කොළඹ අධිවේගී මාර්ගය - පමුණුගම ඔස්සේ මුතුරාජවෙල පාරිසරික කේන්ද්‍රය ( කිලෝමිටර 16 ක් පමණ දුර වන අතර විනාඩි 20 කින් පමණ ළගා විය හැක) 3) හැමිල්ටන් ඇළ මාර්ගය ඔස්සේ මීගමුව කළපුවට පිවිසීමෙන් ද මුතුරාජවෙල අභය භූමියට ඇතුලු විය හැකිය අතීත රජදවස අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ලෙස ස්ථාපිත වූ යුගයෙහිදී සශ්‍රීක කුඹ...

ගංගාරාමය

සිත්සතන් සනහාලන වැව්තෙරේ පින්බිම -  ගංගාරාමය පළාත                 : බස්නාහිර දිස්ත්‍රික්කය         : කොළඹ ගමන් මග:  1)      කොළඹ ‍කොටුව - යෝර්ක් වීදිය - ගාලු පාර - ශ්‍රී උත්තරානන්ද මාවත - නවම් මාවත - සර් ජේම්ස් පීරිස් මාවත - ශ්‍රී ජිනරතන මාවත (කි‍ලෝමීටර 5ක් පමණ දුරකින් යුතු වන අතර විනාඩි 12කින් පමණ ළගාවිය හැකිය) 2)   කොළඹ කොටුව - යෝර්ක් වීදිය - සර් චිත්තම්පලම් ඒ.ගාඩිනර් මාවත (ඒ 2 මාර්ගය ඔස්සේ) - ගංගාරාමයේ සීමා මාලකය පසුකර - ශ්‍රී ජිනරතන මාවත 3)      කටුනායක අන්තර්ජාතික ගුවන් තොටු‍පළේ සිට කොළඹ කටුනායක අධිවේගී මාර්ගය - ගාලු පාර - නවම් මාවත (කිලෝමීටර 34ක් පමණ දුරකින් යුතු වන අතර පැයක පමණ කාලයක් ගත වේ) උදෑසන වුවද ඝෝෂාකාරී වාහන වල මෙන්ම අති තියුණු තරගකාරී ජීවන රටාවකට හිමිකම් කියන කොළඹ නගර මධ්‍යයයේ අහස සිඹින ගොඩනැගිලි සමුහයකි. නගරයට සුන්දරත්වයක් එක් කරමින් දිය රැළි නංවන බේරේ වැව් ඉස්මත්තේ පිහිටි මේ පූජනීය බිම් කඩ දෙස් විදෙස්...