Skip to main content

Posts

නිල් වෙරළු සොයන මගක ඇවිද යමු ....

නිල් වෙරළු සොයන මගක ඇවිද යමු .... පළාත - මධ්‍යම දිස්ත්‍රික්කය - මාතලේ ගමන් මාර්ගය - මාතලේ කූඹියන්ගොඩ පාර ඔස්සේ මාතලේ නගරයට පිවිස හිග්ගොල්ල පාරේ මීටර 500ක් පමණ ඉදිරියට ගිය විට උද්‍යානයට පිවිසිය හැකිය උදෑසන හිරු රැසින් බැබළීගත් කුඩා පිණි බිදු එකිනෙකා පරයා වර්ණ සිත්තම් මවන්නේ නිල් පහැ තණ පළස මත වැතිර ගත් රෝස හා සුදු පැහැ මල් කුමරියන්ගේ විදාගත් පෙති හැඩ කරමිනි. රන්වන් පැහැ ගත් සේලයකින් හා රන් අභරණින් හැඩ වී තම ස්වාමියා සමග ඇවිද යන මේ යුවළ තම ජිවි‍තයේ සිහින සිත්තම් කරන්නට තැත් කරන අයුරු පෙනෙයි. විල්ෂෙයා කදු පන්තිය පාමුල මේ බිම් පෙදෙස වසාගත් මිහිදුම් සේලය තවත් නොබෝ වේලාවකින් ඉවත්ව යනු ඇත. කලබලකාරී දවසක ඇරඹහමා යන සිතල නැවුම් මද නල ගත සිත ප්‍රබෝධයෙන් පුරවයි.   අක්කර දහඅටක වපසරියක් පුරා විහිදුණු, මාතලේ තනායමට හා කිතුණු දේවස්ථානයටත් , තවත් පසෙකින් විජය විද්‍යාලයටත් මායිම්ව පිහිටා ඇති රමණීය භූමියක මෙම උද්‍යානය නිර්මිතය. මාතලේ හිටපු මන්ත්‍රීවරයෙකු හා මාතලේ විජය විදුහලේ විදුහල්පති ධුරය දැරූ වී.ටී.නානායක්කාර මහතා නමින් මෙම උද්‍යානය නම් කර ඇත.‍ ඓතිහාසික මාතලේ කැරැල්ලට සම්බ...

ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය

ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයට පිවිසෙන දුම්රිය මගෙහි අවසන් නවාතැන්පොළ නම් ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයයි. කිලෝමිටර 296 ක දුර ගෙවා උතුර සහ දකුණ යා කරන මාවතේ නැගෙනහිර ඉම වෙත දුම්රිය ළගා වන්නේ තෙත් හා වියළි කලාපයේ එකිනෙකින් වෙනස් වූ භූ කලාප පසුකරමිනි. මුහුදු මට්ටමේ සිට මීටර 1.83 ක පමණ උසකින් පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානය, ලංකාවේ අඩුම උසකින් පිහිටා ඇති දුම්රිය ස්ථානයක් ලෙ සින් ද සැලකෙයි. 1927 වර්ෂයේ දී ආරම්භ කරන ලද ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයේ   පොල්ගහවෙල, මාහෝ, ගල්ඔය යන දුම්රිය ස්ථානවලින් ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගය වෙන් වෙයි. ගල්ඔය සිට නැගෙනහිරට ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගයේ අග්බෝපුර, කන්තලේ, ගල්තලාව, තම්පලකාමම්, චීන වරාය පසුකරමින් දුම්රිය ත්‍රිකුණාමලයට ළගා විය යුතුය. ගල් ඔයෙන් වමට හැරී ගමන් ගන්නා දුම්රිය මඩකලපුව වෙත ළගා වෙයි. තවමත් ඉපැරණි ගොඩනැගිලිවලින් සමන්විත වුවද නවීකර ණයට ලක් වූ දුම්රිය ස්ථානය පිබිදෙන නැගෙනහිර නවෝදයට සාක්ෂියකි. දශක ගණනාවක්   පුරා පැවැති යුදමය වාතාවරණය හේතුවෙන් ත්‍රිකුණාමලය දක්වා දිවෙන දුම්රිය ගමන් ඇතැම්...

ටෝකියෝ මිට්ෂුයි සිමෙන්ති කම්හල

ටෝකියෝ මිට්ෂුයි සිමෙන්ති කම්හල ටෝකියො සිමෙන්ති සමාගම, ජපානයේ බහු ජාතික සමාගමක් සහ ශ්‍රී ලාංකීය සමාගමක් අතර ඇති වූ ගිවිසුමක ප්‍රතිඵලයක් ලෙසින් 1982 වසරේ දී ආරම්භ කරන ලද අතර එය මෙරට ඉදි කෙරුණු පෞද්ගලික අංශයට අයත් වූ ප්‍රථම සිමෙන්ති කම්හල ලෙසින් හැ ඳ ින්වෙයි. ත්‍රිකුණාමල වරායට සමීපයේ ඉදිකරන ලද නවීන අංගෝපාංගවලින් සමන්විත වූ මෙම කර්මාන්තශාලාව මගින් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් කිරීමට සමත් විය. ත්‍රිකුණාමල වරායේ සිදුකරන ලද නවීකරණ කටයුතුවලින් පසුව මෙම කර්මාන්තශාලාවේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට ලැබී ඇති පිටිවහල අතිමහත්ය. ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමීතීන්වලට අනුකූලව, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අවශ්‍යතාවයන් ට සරිලන පිරිදි සිමෙන්ති නිෂ්පාදනය හා බෙදාහැරීම සදහා ටෝකියෝ සිමෙන්ති සමාගම කැපවී සිටින බව   කිව යුතුය. යුදමය වාතාවරණය තුළ දී බෙහෙවින්ම අභියෝගාත්මක නිෂ්පාදන කාර්යයක නිරත වූ නමුදු අද වන විට සමාගම නැවතත් තම සුපුරුදු කටයුතුවල නිරත වෙමින් සිටියි. බිලියන 14 ක වත්කමින් යුත් 600 පමණ වන කාර්ය මණ්ඩලයකින් යුක්ත   වන ටෝකියෝ සිමෙන්ති මෙරට විශාලතම හා වටිනාකමින් යුතු සන්නාම නාමයන් අත...

ප්‍රීමා තිරිගු පිටි කම්හල

ප්‍රීමා තිරිගු  පිටි කම්හල ප්‍රීමා තිරි ඟු  පිටි කම්හල මෙරට පිහිටා ඇති ප්‍රධාන සමාගම් අතරින් එකක් වන අතර, ත්‍රිකුණාමල වරාය ආසන්නයේ ස්ථාපිත කර තිබේ. මෙරට තිරි ඟ ු   පිටි සපයන ප්‍රධාන සැපයුම්කරු වන මෙම සමාගමට අයත් වන මෙම කර්මාන්තශාලාව නැගෙනහිර පළාතේ ස්ථාපිත වන්නේ 1980 වර්ෂයේ දීය. මෙය එවකට ලොව ඉදිකරන ලද විශාලතම කර්මාන්තශාලා පරිශ්‍රයන්ගෙන් එකක් ලෙස වාර්තා වූ බව කියැවේ. නවීන ප්‍රවාහන පහසුකම්වලින් සහ ප්‍රවාහන මාධ්‍යයන්ගෙන් සමන්විත වන ශ්‍රී ලංකා ප්‍රීමා පිටි කම්හල තිරි ඟ ු පිටි ප්‍රවාහනය, ඇසුරුම් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් කර්මාන්තශාලාවක් ලෙසින් ක්‍රියාත්මක වෙයි. කම්හලෙහි නිෂ්පාදන ධාරිතාවය දිනකට තිරි ඟ ු පිටි මෙට්‍රික් ටොන් 3600 ක් පමණ වන අතර තොග වශයෙන් ජැටිය ඔස්සේ සිදුකරන්නා වූ මෙහෙයුම් ධාරිතාවය මෙට්‍රික් ටෝන් 100,000 ක් පමණ වෙයි. නවීකරණය කරන ලද බහාලුම් හැසිරවීමේ අංගනය මගින් දකුණු ආසියානු කලාපයේ වෙළ ඳ කටයුතු වැඩිදියුණු කරගැනීමට සමාගම අපේක්ෂා කරයි. 2014 වසරේ ප්‍රීමා සිය සන්නාම තානාපතිවරයා ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර සංගක්කාර මහතා පත්කර...

කුරුලු කැලේ

මාකන්දාව රක්ෂිතය හෙවත් කිතුල්ගල කුරුලු කැලේ දිස්ත්‍රික්කය - කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය - යටියන්තොට ගමන් මග - කොළඹ - අවිස්සාවේල්ල- කරවනැල්ල - යටියන්තොට - කිතුල්ගල (කිලෝමිටර 94ක් පමණ) (කොළඹ හැටන් මාර්ගය ) විශේෂත්වය - පහතරට තෙත් සදාහරිත වනානන්තරයකි කිතුල් රෑනක් වන් කේශකලාපය කවියාට මෙන්ම සිත්තරාට ද තම දක්ෂතා ඔපනංවන්ට උපකාරී වේ නම් ඒ තරමටම සිත්තරුන්ට ද ඒ සිතුවම් තෙළිතුඩකින් මවා පාන්නට හැකිවන්නේය. එනමුදු ඒ සුන්දරත්වය අකුරු කරන්නට නම් මට නොහැකි වනු නොඅනුමානය.ඒ තරමමටම මිහිදුම් සේලයට දැවටී ගත් කිතුල් රෑන සුන්දරත්වයෙන් අනූනය. එවන් කිතුල්රෑන් පිටින් දැකිය හැකි මේ පෙදෙසේ, කිතුල් ගස් බොහෝ සෙයින් වූ නිසාවෙන් ම නිතැතින් ම “ කිතුල්ගල ” යනුවෙන් වහරට එක්වන්නේය. කොළඹ සිට මැද කදුරට දක්වා දිවෙන මාර්ගයේ හමුවන්නා වූ මේ කුඩා නගරය කැළණිවැලි නිම්නයේ ජල පෝෂක පෙදෙසට අයත් නගරයකි. සබරගමු පළාතේ, යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් වෙයි. එක් පසෙකින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මායිම අසළ පිහිටා ඇති මෙම නගරය කොළඹ හැටන් ඒ 7 මාර්ගයේ පිහිටයි. කැළණි ගග මෙහි ඇති එක් මායිමකි.මෝසම් වැසිවලින්...

ඉදුරාන ඇල්ල

ඉදුරාන ඇල්ල පළාත -  සබරගමු පළාත දිස්ත්‍රික්කය - කෑගල්ල දිස්ත්‍රික්කය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය - රුවන්වැල්ල ගමන් මග 1)      කොළඹ - කඩුවෙල - අවිස්සාවේල්ල - රුවන්වැල්ල ඔස්සේ 2)      කොළඹ - වැලිවේරිය - වහරක - රුවන්වැල්ල ඔස්සේ පැය එකහමාරක පමණ ගමනිකින් මෙහි ළගා විය හැකිය. තුරු ගොමුවලින් වැසීගත් නිහඩ බිමෙහි ගලන මේ ජල බිදු අපට කියා දෙන පාඩම් නම් බොහෝමයකි. ඉදුරාම ඇය තවත් මේ ලක් මව් සරසන දිය ඇලි කුමරියකි. දිය ඇලි රැජිණියන් අතරේ ඇය සුකොමලව පියවර මනින “ ඉදුරාන දිය ඇලි කුමරිය ” අහිංසක කුමරියක් යැයි මට සිතෙයි. වන අරණ අතර ඈ නිහඩවම සක්මන් කරන්නේ තනිකමට ගස් කොළ සතා සිව්පාවුන් මෙන්ම කුරුඵ කොබෙයියන්ගේ ද ආදර බර වදන්වලට සවන් දෙමිනි. මිහිකත හමුවේ සරතැස නිවන්නට   ඉසව් සොයා යන ගමනේ දී ඇය අප විඩා නිවන්නට සමත් වූවාය. කිසිදු කලෙක කිසිවෙකුටත් ‍නොදෙවැනි හැඩි දැඩි තම ස්වාමියාගේ සරතැස නිවන සෙනෙහෙබර බිරියක මෙන් ඇය ගල් කුළ වසා ගනිමින් තම සෙනෙහස පතුරවන සෙයකි. ඇගේ ඒ සෙනෙහස අන් අයට දෙනු නොකැමති හෙයින්දෝ මේ ගල් කුළ ඉතා රළු ලෙසින් නැගී සිටින්නේය. විඩාප...

වීර පුරන් අප්පු සිහිවටනය

වීර පුරන් අප්පු ස්මාරකය - මාතලේ ගමන් මාර්ගය   -   නුවර - යාපනය - ඒ 9 මාර්ගයේ මාතලේ නගරයේ සිට කොහොඹිලිවල ග්‍රාමය සමීපයේ ඇති පුරාවිදු බිම විශේෂත්වය   -   1848 මාතලේ කැරැල්ලට නායකත්වය ලබා දුන් වීර පුරන් අප්පු සිහිවීම පිණිස ස්ථාපිත කරන ලද්දකි. ඒ එක්දහස් අටසිය හතළිස් අට වර්ෂය යි. සිංහල ජනයා, ඉංග්‍රීසි   පාලනතන්ත්‍රයට සිය අප්‍රසාදය දැක්වීමට ගත් සියලු උත්සාහයන් නිරර්ථක වි තිබූ යුගයක් විය. බදුබරින් නිදහස් වීමට, ජනතා දුක්ගැනවිලි ඉදිරිපත් කරමින් පුරන් අප්පු ඉංග්‍රීසින් සමග මහනුවර කච්චේරීයේ දී හා මගුල් මඩුවේ දී සකච්ඡා කිහිපයක්ම පැවැත්වූ නමුදු ඒවාට සාර්ථක ප්‍රතිඵල නොලැබිණි. බලා සිටීමෙන් පලක් නොවන බව තේරුම්ගත් පුරන් අප්පු ඉංග්‍රීසින් මෙරටින් පන්නා දැමීමට පියවර තබන්නට ඉටා ගත්තේය. කුරුණෑගල, දඹුල්ල, අනුරාධපුරය, මාතලේ වැනි ඉපැරණි යටගියාවක් ඇති නගර, ගම් දනව් හරහා ඔහුගේ දෙපා වෙහෙසුණේය. ජාත්‍යාලයෙන් හද පිරී ගිය, එහෙත් නායකත්වයක් නොමැතිව විසිර සිටි   ජනයා මෙන්ම සංඝයාවහන්සේ ද ශාසනය, රට ආරක්ෂා කිරීමේ අධිෂ්ඨානයෙන් පුරන් අප්පුට සහය දැක්වීමට ප්‍රතිඥා දුන්හ. ඒ...